3 වන දිග හැරුම

15 3 0
                                    

හිම කැටේ දෝ මා...

"තමුසෙ දැන්ම එලියට එනවද...නැත්නම් මං දොර කඩන්නද..."

ඒ කෑ ගහන්නෙ ශනුද් නේද...ඉක්මනට තුවාය අතට ගත්තු මං ඒකත් ඇදගෙන එලියට ආවේ බයටමයි...
"තමුසෙ ඕකෙ ඇතුලෙ පැල වෙලාද..මටත් මහන්සියි...ඇග පත හෝද ගන්න ඕනෙ..."

"සොරි ශනුද්...යන්න ඔයා.."

එහෙම කියාගෙන එලියට ආපු මං ඇදුමක් දා ගත්තේ ශනුදගෙ හැසිරීම මොන වගේ වෙයිද කියලා හිත හිතාමයි....

මොන දේ උනත් ශනුද්ගෙ අයිතිය මේ..එයාට ඒකට ඉඩ දෙන්න ඕනේ...මෙහෙම හිත හිත ඉද්දි නාගෙන එලියට ආවෙ ශනුද් ...

"නිදා  ගන්නවා දැන් වෙලාව 12ත් පහු වෙලා.."
මං ශනුද් දිහා බැලුවේ පුදුමයෙන්...
මොකද ඇයි තමුසෙ හිතුවද මේ මං තමුසෙම හුරතල් කරයි කියලා...නිදා ගන්නවා හලෝ...

එහෙම කිව්ව ශනුද් ඇදට වෙලා නිදා ගත්තෙ රෙද්දකුත් පොරෝගෙන...

මොනාද දෙයියනේ මේ වෙන්නෙ...මොන තරහක්ද මේ..ජීවිතේට මං මෙයාව දැනන් හිටියෙත් නෑ..ඒත් පුදුම තරහක්නෙ මෙයාට මාත් එක්ක තියෙන්නෙ...
මොනාද අප්පච්ච් මේ වෙන්නෙ...

මොනා උනත් කමක් නෑ..ශනුද් එයාගෙ අයිතිය මගෙන් නොගත්තු එක ගැන මට සතුටුයි...මොකද මට හිත හදා ගන්න බෑ තවම..අනේ සචින් ඔයා හොදින් නේද...අවුරුදු 7ක් පුරාවට අපි කරපු කියපු දේවල්..අපේ හීන ඒ හැමදේම ඉවරයි...

"හිමදි නැගිටිනවා මට හදිසි වැඩක් වැටිලා..දැන් ශෙනායා එයි එයත් එක්ක තමුසෙ ගෙදර යනවා..."

මට හොදටම නින්ද ගිහින්...උදේ 9යි වෙලාව..මාව ගැස්සිලා ඇහැරුනේ ශනුද්ගෙ සද්දෙට..එයා කලින්ම නැගිටලා..එයා කොහෙහරි යන්න ඇදගෙන...phone එකත් අතේ...

"ආ..හරි ශනුද්..."

මං එහෙම කිව්ව ගමන් ශනුද් යන්න ගියා..විනාඩි  5කට පස්සෙ room එකට ආවෙ ශෙනායා...

"යමු යමු පරක්කු වෙනවා හිමදි...මේ ශනුද්  මේ අටමගල් මට පවරනවනෙ...තමුසෙට තනියම එන්න බැරිද..ශනුද් ඉස්සරහ බබා පාට් දාලා මට වද දෙනවා..."

මොනාද අප්පා මෙයා මේ කියන්නෙ..මං දන්නෙත් නෑ මෙයාට ශනුද් කෝල් කරලා කියලා..අනික මොන ලෝකෙද  බැදලා තනියම මිනිහගෙ ගෙදරට යන්න ඕනෙ..හරිනම් ශනුද් මාත් එක්ක යන්න එන්න ඕනෙ..එයාට ඔච්චරටම වැඩද...
හිතේ දේවල් මූණටම කියලා දාන්න හිතුනත් හැමදේම ඉවසලා ඉන්න මං තීරණය කලේ කාලයට මේ දේවල් හැමදේම විසදෙන්න ඉඩ ඇරලයි...

හිම කැටේ දෝ මා....Where stories live. Discover now