5 වන දිග හැරුම

13 2 0
                                    

හිම කැටේ දෝ මා...

දෙයියනේ සචින් බැංකුව ගාවට වෙලා ඉන්නවා..ඒ හරියට වෙනදට එයා මං එනකම් බලන්  ඉන්නවා වගේම...සචින් වැඩ කරන්නෙ Finance company එකක ..ඒක තියෙන්නෙත් අපේ බැංකුව ගාවින්ම තියෙන තුන්මං හන්දියෙ...ඒක නිසාම අපි දෙන්නා පුලුවන් හැම වෙලාවකදිම මුණ ගැහුනෙ කතා බහ කලේ මේ ටවුන් එකෙ...මේ ගස් ගල් වලටත් කතා කරන්න පුලුවන්නම් ඒ දේවලුත් කියයි අවුරුදු 7ක් පුරාවට අපේ ආදරේ කොයි වගේ ශක්තිමත් උනාද කියන එක...ඒ අවුරුදු 7 පුරාවටම සචින්ගෙ ආදරේ වැඩි උනා මිසක් ඒකෙ අඩුවක්නම් උනේ නෑ..අනේ අප්පච්ච් එහෙම ආදරේකුයි අප්පච්ච් ඔයා නට නැති කලේ...සචින් මට සමාවෙන්න සචින් මං අදටත් ඔයාට පණටත් වඩා ආදරේ කරනවා...ඒත් දැන් ශනුද්ගෙ මං...මට සමාවෙන්න...අප්පච්ච් මාව බන්දන්නවා කියන එක දැන ගත්ත දවසෙම මං ඒ දේ සචින්ට කිව්වත් අපි මේ දේ නවත්තමු කියලා මං කිව්වත්..අපි දැනන් හිටියා මටවත් එයාටවත් ඒ දේ කරන්න බැහැයි කියන එක...ඒත් මං මගෙ අප්පච්ච්ට ශනුද්ට අවංක වෙන්න ඕනේ..මට සමා වෙන්න සචින්..

එහෙම හිත හිතාම මං බැංකුව පැත්තට ගියෙ සචින්ට කතා නොකර ඇතුලට යනවා කියලා හිතා ගෙනමයි...

අනේ මගේ සචින්ට මේ මොකද මේ වෙලා  තියෙන්නෙ...රැවුල කපලත් නෑ..ඇගත් හොදටම කෙට්ටු වෙලා. මූණත් සුදු මැලි වෙලා...කාලා නෑ වගේ දවස් දෙක තුනකින්...සචින් කියන්නෙ මාරම smart කොල්ලෙක් ...කොච්චරනම් කෙල්ලො පස්සෙන් ආවද සචින්ගෙ...එත් සචින් මට දුන්න ඒ ආදරේ...අපේ ආදරේ අවුරුදු 7ක් පුරාවට රැක ගත්තේ කිසිම දේකට අපිව නවත්තන්න බැරි විදියටමයි...ඒත් අද මං වෙනස් වෙලා ...

කොච්චර කතා නොකරමයි යන්නෙ කියලා හිත හදාගෙන ගියත් සචින්ව මේ විදියට දැක්කාම මට මාවම පාලනය කර ගන්න බැරුව ගියා...

"ස..ස..සචින්.."

"සුදු මැනික ඔයා අද ඉදන් වැඩට එනවද...මං හිතුවෙ හස්බන් එන්න දෙන්නෙ නැතුව ඇති කියල"

"සුදු මැනික " දෙයියනේ මෙච්චර ලොකු වැරැද්දක් කරපු මට ඔයා තාම සලකන්නෙ එයාගෙ පණ විදියටමයි..මං දැනන් හිටියා එයා ඒ තරමටම මට ආදරේ කරනවා කියලා..එත්..මං අසරණයි සචින්...මට සමාවෙන්න ...හිතේ දාහක් දේවල් කියන්න තිබුනත් මං මුකුත් නොකියම........."මොකද මේ සචින් ඇයි මේ අසනීප උනාද ඔයා...අනික මට දැන් ඉස්සර වගේ කතා කරන්න සලකන්න එපා මං දැන් වෙන කෙනෙක්ගෙ ...එයාටයි මං අයිති...."

"හරි සොරි සුදු මැනික මට ඕන උනේ ඔයාට සුබ පතන්න.."

"මට පොරොන්දු වෙන්න සචින් හොද කෙනෙක් එක්ක ජීවිතේ ආයෙ පටන් ගන්නවා කියලා..සතුටෙන් ඉන්නවා කියලා ...."

"හ්ම් බලන්නම් මං යනවා ඒනම්..."එහෙම කිව්ව සචින් එතනින් යන්න ගියෙ මට මගෙ පපුව පැලෙයි කියලා හිතෙද්දි...මගෙ හදවත් නිකන් හතරට පහට පැලෙයි වගේ...අනේ මොකක්ද මගෙ ජීවිතේ දෙයියනේ මේ..අනේ ඇයි අප්පච්ච් මට මෙහෙම කලේ...

හවස bank එකෙන් එලිය එද්දි හොදටම වහිනවා...කුඩෙත් ඉහලන් පාරට බැස්සේ පරක්කු වෙන්න හොද නැති නිසා...බස් හෝල්ට් එකට වෙලා හිටියත් පැය බාගයක් යනකම් බස් එකක් නෑ...හුලගත් සැරයි..ඒත් ඒක්කම කුඩේ හුලගට ගහගෙන ගියෙ මාව මේ වැස්සට හොදටම තෙමෙද්දි...ඒත් එක්කම එතනට ඇවිත් නැවැත්තුවේ කාර් එකක්..
සචින්ගෙ කාර් එක...
"යමු සුදු මැනික මං ගෙදරට දාන්නම්.."
අනේ ඇයි සචින් ඔයා මං හිත හදා ගන්න හදද්දිම මගෙ ඉස්සරහට මේ විදියට එන්නෙ..දැන් මං ශනුද්ගෙ ...එයාට නං අවංක වෙන්න ඕනෙ...අනේ මට සමා වෙන්න...

"නෑ සචින් ඔයා යන්න දැන් බස් එකක් එයි..."

"පිස්සුද ලමයො යමු යමු"

"නෑ නෑ සචින් ඔයා යන්න..."
මං එහෙම කියලා අනිත් පැත්ත හැරෙද්දිම...සචින්ගෙ කාර් එක පහු කරන් ඇවිත් ඊට ඉස්සරහෙන් නැවැත්තුවේ ශනුද්ගෙ කාර් එක.....

6වන දිග හැරුමෙන් හමු වෙමු ❤️

හිම කැටේ දෝ මා....Where stories live. Discover now