4 වන දිග හැරුම

11 2 0
                                    

හිම කැටේ දෝ මා

"ශනුද් මට අදින් නිවාඩුව ඉවරයි ...හෙට ඉදන් මට වැඩට යන්න වෙනවා"
ශනුද් නිදා ගන්න ආපු වෙලාවෙ මං ශනුද්ගෙන් ඇහුවේ මොකක් කියාවිදෝ කියන බයෙන් සැකෙන්..

"ආ තමුසෙ රස්සාවකුත් කරනවද...හා හා යනවා ගෙදර ඉදන් පිට්ටු තම්බන්න ඈ"
එහෙම කිව්ව ශනුද් අනිත් පැත්ත හැරිලා නිදා ගත්තෙ රෙද්දකුත් පොරෝගෙන..

මෙයා මෙහෙම සලකන්න මට මෙහෙම කතා කරන්න මෙයාට මාත් එක්ක තියෙන තරහ මොකක්ද දෙයියනේ...මං මොන වැරැද්දක් කලාටද...කමක් නෑ හෙට ඉදන්වත් මට වැඩට ගියාම ටිකක් නිදහසේ හුස්ම ගන්න පුලුවන් ...මොකද මේ ගේ ඇතුල නිකන් හරියට මට හිර කූඩුවක් වගේ...අම්ම විතරයි මූන දීලා කතා කරන්නෙ සතුටෙන් .. ශෙනායාත් පුදුම කෙනෙක්...මිනිස්සුන්ට ඔහොම සලකන්නෙ කොහොමද කියන්න මට හිතා ගන්නවත් බෑ..මං මොන දේ කලත් මං මොන දේ කිව්වත් එයාට වැරදියි...ඇත්ත අප්පච්ච් ඔයා කිව්වා හරි මිනිස්සු විවිධාකාරයි ..එයාල එක්ක ගනුදෙනු කරන්න අපි ඉගෙන ගන්න ඕනෙ..ඒත් අප්පච්ච් ඇයි අහිංසක මටම මෙහෙම උනේ..මේ ගෙදර කිසිම සතුටක් ආදරක් බැදීමක් මට නෑ..පවුලක තියෙන්න ඕන ඒ සතුට මෙතන නෑ අප්පච්ච් ...මට පුදුම පාලුවක් තනිකමක් දැනෙන්නේ..මේ දේවල් හිත හිත ඉන්න ගමන්ම මගෙ ඇස් දෙකෙන් ආයෙ කදුලු සට සට ගාල වැටෙන්න පටන් ගත්තෙ පොඩි ඉකියකුත් එක්ක..කොට්ටේ බදාගෙන අඩන්න ගත්තේ මේ දෙවල් තවත් හිතේ තද කරන් ඉන්න බැරි නිසාම...

උදේ alarm එකේ සද්දෙට ගැස්සිලා ඇහැරුනේ  වැඩට යන්න ඕනෙ නේද කියලා මතක් උන නිසාමයි...ශනුද් එක්කම ලෑස්ති උනානම් එයත් එක්කම යන්න පුලුවන් කියල හිතුන නිසාම උයන්න උදව් වෙලා මාත් ලෑස්ති උනා ඉක්මනට ...ශනුද් එක්කම කාර් එකට නගින්න හදද්දම...

"තමුසෙ කොහෙද මේ මාත් එක්ක යන්න හදන්නෙ..."
"මං මේ ඔයත් එක්කම ටවුන් එකට යන්න..."කියන්න මුමුණද්දිමයි මට තේරුනේ මට බස් එකේ යන්න කියලා නේද මෙයා මේ කියන්නෙ කියල..

මං එහෙමම මුකුත් නොකියා පාරට බැස්සේ කාගෙවත් කාර් ඕනෙ නැහැයි කියලා හිතුන නිසා..ටික දුරක් එනකොටම මාවත් පහු කරන් ආපු ශනුද් කාර් එක නැවැත්තුවේ මගෙ ඉස්සරහෙන්...
මං හිතුවෙම මට නගින්න වෙන්න ඇති කියල නිසාම මං දුවගෙන ගියෙ කාර් එක ගාවට..ඒත් එක්කම ආපු වේගෙටම යන්න ගියේ මාව සෙල්ලමකට අරන් වගේ..

මාව ටවුන් එකට දගෙන ගියානම් ඔය කාර් එකෙ ටයර් ගෙවෙනවද ..අනේ අප්පච්ච් පේනවා නේද මාව ඇහැක් වගේ බලා ගන්නවා කිව්ව ඔයාගෙ බෑනා..මට අකමැතිනම් කලින් කියන්න තිබුනනෙ..මොකටද  මාව බැන්දේ අනේ අප්පච්ච් මං තනිවෙලා අප්පච්ච් ...මෙහෙම හිත හිතා ඉද්දිම මං දැක්කේ ඈත් බස් එකක් එනවා...ඒ බස් එකට නැග්ග මං කල්පනා කර කර ආවෙ දැන් office එකේ අයට ඇහුවාම මොනවද කියන්නෙ ශනුද් ගැන කියලා..

මේ දේවල් කල්පනා කර කර ආපු මන් බස් එකෙන් බැස්සේ වෙන ඕන දේකට ශක්තිමත්ව මූන දෙනවා කියන එක හිතේ තියා ගෙනමයි...

බස් එකෙන් බැස්ස ගමන් මන් දැකපු දෙයින් මං ගැස්සිලා ගියේ මොකක්ද කරන්නෙ කියලා හිතා ගන්න බැරි වෙද්දීමයි...

5වන දිග හැරුමෙන් හමු වෙමු❤️

හිම කැටේ දෝ මා....Where stories live. Discover now