Chap 01

1.5K 253 19
                                    

Jangmee pov-

මන් ආස නෑ ඒ මූණ දකින්න. කුකියය් මාය් දුක් විදින්නෙත් එයා නිසා. ඒත් ඇය්!? ඇය් මට බැරි එයාට වෛර කරන්න.

කුකියා අලුත් ළමයත් එක්ක පස්සෙන් කියෝ කියෝ එද්දි ඉස්සෙල්ලම ක්ලාස් එකට ඇතුලු උනේ මන්.

ඒ නපුරු මූණ,එකකට එකක් යා උනු ඇස් බැමි, ලාවට අග හීනි උනු පිරුනු තොල්, රතු දිගටි ඇස්...අදත් කෙලින්ම මාව පුච්චන තරම් බැල්මකින් රිද්දලා මට පිටිපස්සෙන් ආපු කුකියා ලග නැවතුනා.

ඔයා නෙවෙයි ජිමින්... හරි නම් අපිය් ඔයාට වෛර කරන්න ඕනි.අපිය් ඔයාව අප්පිරිය කරන්න ඕනි. අපේ ජීවිත මේ තරම් දුකින් ගෙවෙන්න ලොකුම හේතුව ඔයා.

අපේ අම්මව හොරකම් කරගත්තෙ ඔයා...

Athour pov-

ජියෝන් ජන්ග්මි... ජියෝන් යොන්ජොගෙ එකම දුව. එතකොට ජියෝන් ජන්කුක්... ජන්මිගෙ නිවුන් සහෝදරයා.

පුංචි කාලෙම අම්මගෙ උණුහුම මේ දෙන්නට නැති උනෙ පාර්ක් ජිමින් කියන එයාලගෙ සමවයස් කොල්ලා නිසා. ජන්කුක්ගෙත් ජන්ග්මිගෙත් අම්මා පුංචි කාලෙදිම එයාගෙ දරුවො දෙන්නා වෙනුවට උනුහුම දෙන්න තෝරගත්තෙ හැමවෙලාවෙම එයාව ඉල්ලලා පෙරලි කරපු ජිමින්ව. ඉතින් ඒකෙන් උනේ පුංචි ජන්ග්මි වගේම ජන්කුක්නුත් අම්මගෙ උනුහුම නැතිව තනි උන එක වගේම තවත් පැත්තකින් එයාලා ජිමින්ට ඊරිසියා කරන්න පෙළඹුන එක.

එතකොට ජිමින් කියන්නේ,
පාර්ක් සූහොගෙ ලොකුම පුතා. සූහොට හිටියෙ ජිමින් එක්කම තවත් එක දුවෙක්. හරියටම බැලුවොත් ජියෝන් පවුල අතෑරලා පාර්ක් පවුලට ආපු ජන්කුක්ලගෙ අම්මගෙත් සූහොගෙත් ලේ වලින් ඉපදුනු දුවෙක්.

පුංචි ජිමින්ට හොදින් කතාකරපු ආදරේ කරපු අජුම්මව ජිමින් ඉල්ලන්න පටන් ගත්තෙ පිස්සෙක් ගානට. ඉතින් සූහෝට එයාට පුතාට හොදම දේ දෙන්න ඕනි උන නිසාම පුතා ඉල්ලපු ගැහැනියවත් ගෙදරට අරගෙන ආවෙ හරිම පහසුවෙන්. අඩුම තරමින් තමන්ගෙ පුතාගෙම වයසෙ දරුවො දෙන්නෙක්ටම අම්මා නැති වෙනවා කියන එකවත් සූහෝට වැදගත් උනේ නෑ. එයාට ඕනි උනේ පුතා කැමතිම අම්මව ගෙනත් දීලා තමන්ගෙ පුතා සතුටින් තියන්න.

🖤ATTENTION🖤 || PJM (completed)Where stories live. Discover now