Chap 05 ( අවසන් කොටස )

963 242 42
                                    

Jungmi's pov-

කීපදෙනෙක් කලබලෙන් ඇවිත් රූම් එකට යද්දි එතන අර නර්සුත් හිටියා. ඇතුලෙන් ඇහුනෙ කෑ ගහන සද්ද.

ඒ කටහඩ....... ජිමින්ගෙ!

ඔව් ඒ ජිමින්. එයා, එයා කෑ ගැහුවා.

කුකී එනකම් ඉන්නද? ඒත් ඒ සද්දත් එක්ක මට තවත් බලාගෙන ඉන්න බැරි උනා. හෙමි හෙමින් අඩි තියලා මන් ගියේ රූම් එකේ දොර ලගට.

ලාවට ඇරුනු දොර පියනෙන් ඇතුල බලද්දිය් හිතුනෙ මට නෑවිත් ඉන්න තිබ්බා කියලා. කුකි එනකම් මට ඉවසන්න තිබ්බා.

සුදු පාට ඇද ඇතිරිල්ල ඉරිලා, නෑ ඒක ඉරලා...

අතරින් පතර මට ජිමින්ව පෙනුනා.පස් දෙනෙක් විතරම ජිමින්ව අල්ලගන්න උත්සහ කරද්දි එයා කෑ ගගහා දැගලුවා ඒ කට්ටියගෙ අත් වලින් බේරෙන්න.

"එපා!!! මාව අල්ලන්නෙපා!!! එහාට! එහාට යනවලා!!! මන් මර.නවා... යනවා!! එපා! මාව අතාරිනවා!!"

අත පය පවා ඇඹරිලා එයාගෙ.ඒත් එයා දැගලුවා. තත්පර කීපයක් යන්නැති. එයාගෙ වටේ හිටපු හැමෝම එක පාර පොඩ්ඩක් පස්සට උනෙ බයෙන් වගෙ. මට එයාලා නිසා ජිමින්ව වැහිලා.

"ල.ගට එන්නෙ.පා... මන්.. මන් කිව්වා...මන් කිව්වා ඔයාල.ට.. ඈතට වෙලා ඉන්නවා!"

එයාගෙ කටහඩ විතරයි මට ඇහෙන්නෙ.

"මිස්‍ට ජිමින්.. කාම් ඩව්න් ප්ලීස්... හැමදේම හරි. කෝ ඕක මට දෙන්න."

ඩොක්ටර් කෙනෙක් කියන්න පුලුවන් කෙනෙක් එයාගෙ පැත්තට අත දික් කලා.ඩොක්ටර්ගෙ ඒ අතෙත් කැපුම් පාරක් නිසා ලේ ගලනවා.

කුතුහලය නිසාම මන් ටිකක් ඉස්සරහට ගියෙ ජිමින්ව පැහැදිලිව බලාගන්න.

ඒත් එයාව දැක්කම උනෙ මගෙ පපුව හූරලා දාන තරම් රිදුමක් ලැබුන එක විතරයි.

මොකක්දො වීදුරු උලක් බෙල්ලට තද කරන් හිටියෙ එයා. ඇස් වල කදුලු පුරවන් එක අතක් අපෙ පැත්තට එල්ල කරගෙන හිටියෙ අපි ලගට එනවට. ඒ ලාරෝස පාට මුලු මූනම සුදුමැලි වෙලා.

අනිත් අය අතර කලබලෙන් තරහෙන් විනිවිද ගියපු හීනි ඇස් මාව පහු කරන් ගියා. තත්පර කීපයකින් ඒවා ආයෙත් නතර උනෙ මගෙ ලග.

🖤ATTENTION🖤 || PJM (completed)Where stories live. Discover now