ඕතරියගෙන්...

583 148 27
                                    

මේ කතාවෙ ජිමින්ගෙ චරිතෙ එක්ක මම කියන්න උත්සහා කලේ මොකක්ද දන්නෝද...?

සමහර මිනිස්සු ඉන්නවා හදවතින් හරි අහින්සකය්. ඒත් එයාලා දුර්වල නෑ කියලා ලෝකෙට පෙන්නන්න එයාලා සමාජෙ ඉස්සරහ ජීවත් වෙන්න වෙනම ප්‍රතිරූපයක් ගන්නවා. සමාජෙ සමහරවිට එයාට තැනක් දෙන්න පුලුවන්. ඒත් පුංචි දෙයක් ඇති මිනිස්සුන්ට තවත් මනුස්සයෙක්ව අසරණ කරලා දාන්න. ඉතින් සමහරවිට සමාජෙ එයාව පිලිකුල් කරන්නත් පුලුවන්.

ලෝකෙ නපුරු වෙන්න හදන ඕනිම කෙනෙක්ට ලස්සන ආදර කතාවක් ඇති. එයාලාගෙ හිත නිවන කෙනෙක් ඇති. ආදරවන්තයෙක් ආදරවන්තියක්ම වෙන්න ඕන්නෑ. අම්මා තාත්තා උනත්. ඒ හැමෝටම වේදනාව දුක කියන්න කෙනෙක් ඇති. ඔයාට මට අපි හැමෝටම එහෙම කෙනෙක් ඉන්නවනෙ. ඉතින් එහෙම කෙනෙක් නැති අයටය් අපේ උදව් ඕනි. රැල්ලට සමාජෙට පේන්න නෙවෙයි. හදවතින්ම එයාලට උදව් කරන්න ඕනි.

සමහරවිට ඔයාලටත් හම්බේවි එහෙම අය. සමාජෙට පෙන්නන් ඉන්න ප්‍රතිරූපයට වඩා හාත්පසින්ම වෙනස් ජීවිතයක්. එයාට ඔයාට පුලුවන් විදියට හොද කෙනෙක් වෙන්න. අනිවාර්යයෙන්ම ඔයා දැකලා ඇති මානසිකව විදවන මිනිස්සු ඕනි තරම්.

එයාලට ආදරේම ඕන්නෑ බෝලස්... හොද ආදරණීය යාලුවෙක් උනත් ඇති.

එයාලට උදව් කරමු. ඒ වගෙ අයට ජීවිතෙ ලස්සන කරගන්න උදව් කරමු.

තැම්කූ මා බෝලගෙඩි ටික... කොහොම කතාවක් දුන්නත් කියවලා මොනාමොනා හරි කියන.....වෝට් එකකින් උනත් හය්යක් වෙන ඔයාලා හැමෝටම...

මේ කතාවෙන් කියන්න ඕනි උන දේ කලින් තිබ්බ විදියට තේරුනෙ නෑ. දැන් මම කතාව එඩිට් කලා. මන් හිතන් ඉන්නව දැන් මට ඔයාලා එක්ක බෙදාගන්න ඕනි උන හැගීම ඔයාලට තේරුනා කියලා. ❤️❤️❤️❤️❤️

සරන්හේ මා රීඩර් බෝලස්💜️💜️💜️💜️💜️💜️💜️😘🌹🌹🌹🌹🌹🌹🌹💝💝💝💝💝💝

🖤ATTENTION🖤 || PJM (completed)Where stories live. Discover now