Chap 02

769 231 5
                                    

Jangmee pov-

මිනිස්සුත් හරි පුදුමය් නේද... අඩුම තරමෙ එයාලගෙ හිතවත් පාලනය කරගන්න බෑ මම වගේ මෝඩ මිනිස්සුන්ට!. කොහොම කිව්වත් කලත්... හැම තත්පරේකම මට ඕනි උනා එයා ගැන දැනගන්න. ඒ නිසාම මන් ජිමින් ගැන ඕනවටත් වඩා හෙව්වා.

හිත යටින් මන් ඔයාගෙ තරහාකාරී. මොකද ඔයා අපිට අපෙ අම්මව නැති කලා. ඒත් ඒ හිතම ඔයා දකින තත්පරෙන් වෙනස් වෙන්නෙ මටවත් නොකියා. ඒක හොද හේතුවක්ද....මට ඔයාව මගෑරලා ඉන්න, ඔයාට ආදරෙ නොකර ඉන්න, කැමති නොවී ඉන්න,
අපේ ඔම්මව ඔයා උදුරගත්ත එක ලොකු හේතුවක්ද?

මන් දන්නෑ.

ඉදලා ඉදලා සතියකට දවසක් ඔයාගෙ මූනෙ තුවාල කැලැල් වැඩියෙන් තියනවා දැක්කා මම. එදාට ඔයා ඉන්නෙත් මූණ අමුතු කරගෙන.

අදත් මෙ දැනුත් මට ඔයාව පේනවා. තුවාල කැලලටත් වඩා වැඩි ලොකු වෙනසක් අද ඔයා ලග තියෙන්නෙ. මට මොකක්ද කියලා නොතේරුනත්,

ජිමින් බිත්ති වලට වාරු වෙවී ඇවිද්දෙ. ..

වටපිටාවෙ කවුරුත් නැති හින්දද අද ඔය කටින් හීනියට හරි කෙදිරියක් පිටවෙන්නෙ කියලා මන් දන්නෑ. ඒත් වෙනදට රණ්ඩු කරලා අතපය පුරා ලේ පෙරෙද්දිවත් ඔයා 'මීක්' සද්දයක් පිටකරන්නෑ.

මන් හෙමි හෙමින් ජිමින්ගෙ පස්සෙන්ම ගියේ ආව වැඩෙත් අමතක කරලා. මන් ආවෙ පේපර්ස් ටික බාරදීලා ඉක්මන්ට පංතියට යන්න හිතන් උනත් මට ඊටවඩා මේ වැඩේ ලොකු උනා. මටම නෙවෙයි, මගෙ හිතට..

ඉක්මනින්ම ආපහු ක්ලාස් එකට යන්නනම් ඕනි තමය්. ඒත් ඔයා මෙහෙම ඉද්දි මට යන්න බෑ ජිමින්.

එයා බිල්ඩින් එක පිටිපස්සෙන් කාටවත් නොපෙනෙන්න මුල්ලකට වෙලා වාඩි උනා.

ජිමින්! එයා...එ.යා අඩන.වා...

කවදාවත් දැකලා තිබුනෙ නෑ මන් ඒ ඇස් වල කදුලු පිරෙනවා. කවදාවත්ම ඒ ඇස්වල කදුලු තිබ්බෙම නෑ.

ඒ නිසාම වෙන්නැති මටත් දුක හිතුනෙ. මන් ඔයා වගෙ නපුරු කෙනෙක් නෙවෙයිනෙ. මම ආදරණීය කෙල්ලෙක් නිසා වෙන්නැති මටත් මේ තරම්ම දුක හිතෙන්නෙ. වෙන දෙයක් නෑ. මට දුක හිතෙන්නෙ මම හිත හොද ලමයෙක් නිසා. නැතුව ඔයාට කැමති නිසා නෙවෙයි.

🖤ATTENTION🖤 || PJM (completed)Where stories live. Discover now