Chap 03

719 220 13
                                    

Jangmee pov-

"අ.හ්..අන්.නේ.හ්... අතාරි.න්න. ජි.මින්.. ම.ට.. හු.ස්ම...ගා. ආහ්"

කදුලු ඇස් කොනින් බේරෙද්දි මන් එයාගෙ අත් දෙකත් තදින් බදාගෙන දැගලුවා. මගේ කකුල් බිම ගෑවෙන්නෙ නැ. බිත්තිය දිගේම හිර උනු මන් කකුල් වල ඇගිලි තුඩු බිම රදවගන්න ගොඩක් උත්සහ කලා.

වු බින් තවමත් භිරාන්ත වෙලා බලන් ඉන්නවා. එයාට තියා මටවත් හිතාගන්න බෑ ඇය් ජිමින් මෙහෙම හැසිරෙන්නෙ කියලා.

•Flashback•

"ජන්මියා..."

වූ බින් මගේ ලගට  ආවෙ ටිකක් පැකිලි පැකිලි. එයා මට අවදානය දෙනවා වැඩි කියලා මට වගෙම කුකීටත් දැනිලා තිබුනෙ. කුකී මාව විහිලුවට පවා ගත්තා වූබින්ව අල්ලගෙන.

"දෙහ්.."

"මට මේ පොඩි දෙයක් කියන්න ඕනි.."

"කියන්න."

"මම මේ ඔයාට ... වැරදියට හිතන්නෙපා. මම් කාලයක් හිතලා ඔයා ගැන හොයලා මේ තීරණෙ ගත්තෙ. ඒ නිසා මේක හදිසියට නිකම් කියන එකක් නෙවෙයි හාද.. මේ.. මේකය් මම ඔයාට කැමතිය්. ඒකට කමක් නැ. ඔයාගෙ උත්තරෙ දැන්ම ඕන්නෑ. ඔයා හිතල කියන්න. මට."

"සොරි. මම ඇත්තටම හිතන්න ඕනි. මට ඔයා ගැන එහෙම අදහසක් තිබ්බෙ නෑ වූබින්."

මට එක පාරම හා කියන්න හිතුනෙ නෑ. ජිමින්, හැම තත්පරයකම මම කොල්ලෙක් එක්ක කතා කලොත් එයාට තරහා යනවා. එලි පිට නොපෙන්නුවත් මන් දන්නවා ඒක. මට දැනෙනවා. ඉතින් ඒ නිසාම...

•Flashback end•

වූබින් මට කැමති කියපු ඊලග තත්පරේට වේගෙන් එතනට ආපු ජිමින්ගෙ ඒ දරදඩු අත් ගොබ වලට මාව හිර උනා.

"තමුසෙ! තමුසෙ මාත් එක්ක ඉන්නවා කිව්වා! කොහොමද යකො තව එකෙක්ට"

දත් ඇදි හිර කරගෙන එයා කෑ ගැහුවා.එක පාර සිහිය ඇවිත් බින් වූත් එයාගෙ අත් වලින් මාව ගලවන්න උත්සහ කලත් එන්න එන්න ඒ අත් හිර උනාම විතරයි.

ටිකෙන් ටික අදුරු වෙද්දි මාව වෙව්ලන්න ගත්තා. කුකීගෙ කටහඩ ඇහෙනවත් එක්කම වගෙ ජිමින්ගෙ අත් බුරුල් උන නිසා මම කෑ ගහලා අඩන්න ගත්තෙ හුස්ම ගන්න අමාරුවෙන් කහින අතරෙමය්.

🖤ATTENTION🖤 || PJM (completed)Where stories live. Discover now