Chap 04

722 223 5
                                    

Jangmee pov-

අත පය වේදනා දෙද්දි මට ඕනි උනෙ ඇස් අරින්න. මගෙ අතෙන් ලොකු බරක් දැනුනා. අල්ල කාගෙම හරි අතක හිර වෙලා තිබුනා.

ඇරුනු ඇස් වලට වදින එලිය ඇල්පෙනෙති තුඩකින් ඇස් වලට අනිනවා වගෙය් මට දැනුනෙ. කීප සැරයක්ම ඇස් පිල්ලම් ගහලා අමාරුවෙන් මන් ඇස් ඇරියා.

බොද උනු රූපෙ අදුනගන්න මහන්සි වෙද්දි මගෙ අතට ඔලුව බර කරන් හිටපු කෙනා නැගිටලා මගෙ මූනට එබුනා.

"ජන්මියා..ඔ.ඔයා නැගිට්ටද? ඔයාට අමාරුද? කොහෙ හරි රිදෙනවද?"

කුකී!.එයාගෙ ඇස් වල ආයෙත් කදුලු පිරුනා. ඇස් දෙක ඉදිමිලා තියන විදියටනම් මේ මිනිහා කෑ ගගහා අඩලද කොහෙද.

"ඔ.යා...අඩන.වා"

එක කදුලු බින්දුවක් මගෙ කම්මුලට වැටෙද්දි එයා හිනා වෙවීම කදුලු පිහදගත්තා.

"හිහ්..මෝඩ කෙල්ල. මන් අඩන්නෙ මොකටද! පිස්සුද?"

එයා කොහොම කිව්වත් අඩලා. නහය ජම්බු ගෙඩියක් වෙලා තිබ්බෙ. ඇසුත් රතු වෙලා.

"බොරුනෙ උලමො... හහ්හහහාහ් කුක්කා අලෙ ඔයා ඇඩුවද කුක්කො.."

මන් හිනාවෙවීම නැගිටින්න හැදුවත් මට බැරි උනා. පිට දිගෙ අකුණක් ගැහුවා වගෙ වේදනාවක් යද්දි කෙදිරිගාගෙනම මම ආයෙමත් ඇදට බර උනා. අතෙත් කටු ගහලා.

"මගුල තමා. ."

"ඒත් ඔයා ඇඩුවනෙ?"

"නෑ මන් ඇඩුවෙ තමුසෙ ඔහොම හිටියට නෙවෙයි සතුටට"

"බොරු"

"බොරු නෙවෙයි ඇත්ත. අරකව අරන් ගියපු සතුටට ඇඩුවෙ.අනික තමුසෙනම් මොකෙක්ද මන්ද ජන්ග්මි. අලි ඔලුව ඇග පුරාම. මාව එක්කන් යන්න තිබ්බනෙ. අඩුම ජෙනිවත්. එහෙනම් අර මන්දමානසිකයට තමුසෙට මුකුත් කරන්න බෑනෙ.පණ්ඩිතකමත් සීමාවකට ඇති. ඕනවට වඩා ඕන්නැ"

කුකි බැන බැනම පරිස්සමට මාව කෙලින් කලා.

මන්දමානසිකයා!

ඒ වචනෙට මට රිදුනද? නැ. මන් එයාට ගොඩක් බයය්. ආපහුත් ඒ මතක මගෙ ඉස්සරහ මැවෙන්න ගත්තෙ නොදැනිම මන් වෙව්ලුම් කනකොට.

🖤ATTENTION🖤 || PJM (completed)Where stories live. Discover now