Part 1

562 94 1
                                    

තමන්ගේ ඉදිරියට මුනගැසෙන මිනිස්සුත් එක්කවත් හිනා නොවී කලබලෙන් එහෙ මෙහෙ දුවන මිනිස්සු දිහා කෙනෙක් බලන් හිටියේ හැගීම් විරහිතව...තට්ටු දහයක බිල්ඩින් එකේ උඩම තට්ටුවේ තනියම හිටපු කෙල්ලට දැනුන තනිකම නිසාමද මන්දා කෙල්ලගේ මූණේ කිසිම හිනාවක් නොතිබුනේ....

-"මැඩම් අපි දැන් යන්න ඕනේ...."

කැබින් එකේ දොර බාගෙට ඇරලා එතනින් ඔලුව දාපු තවත් ගෑණු ලමයෙක් කියද්දී මෙච්චර වෙලා කැබින් එකේ ලොකු වීදුරෙන් එලිය බලන් හිටපු කෙල්ල ලොකු හුස්මක් අරන් ටේබල් එක ගාවට ආවේ කා කී එක අරගන්න....

-"ඔයාලා එන්න ඕන නෑ හනා මට තනියම යන්න පුලුවන්..."

තාමත් ඔලුව දාගෙන බලාගෙන ඉන්න හනාට කෙල්ල කියුවේ කිසිම හැගීමක් නොදැනෙන කටහඩකින්....කෙල්ලගේ හැටි හනා හොදටම දැනගෙන හිටපු නිසා තවත් මුකුත් නොකියම දොර වහගෙන එලියට ගියේ කෙල්ලව ආයෙත් තනිකරලා....

-"අපි යමු ශින්ජේ..දුර්වලයෙක් වගේ ඉන්න ශින්ජේට වඩා කිසිම හිතක් පපුවක් නැති ශින්ජේ හොදයි...."

කෙල්ල කතා කරේ කෙල්ලටමයි...ශින්ජේ කියන්නේ කෙල්ලගේ නම ඊටත් වඩා තමන් එක්කම කියවන මේ කෙල්ල අවුරුදු විසිදෙකක් උන sj insight එකේ අයිතිකාරිය ඒත් කෙල්ලට නම් ඒ ගැන ලොකු සතුටක් තියෙනවා කියලා එයාගෙ මූණෙන් නම් පෙනුනේ නෑ....කලු බ්ලෙසර් එකත් දාගෙන ශින්ජේ කා කී එකත් අරගෙන කැබින් එකෙන් එලියට ගියෙත් එයාගේ කල්පනාවට කිසිම බාදාවක් කරගන්නේ නැතිවයි....

-"ආහ් ශිට්...."

ශින්ජේ තමන්ගේ අත පිසදගන්න ගමන් කෑගහන්න ගත්තේ කෙල්ලගේ කල්පනාවට බාදාවක් කරන ගමන් කවුදෝ එයාගේ ඇගේ හැප්පුණු නිසා.....

-"තමුසේ කව්ද ආහ්..."

බයෙන් ශින්ජේ දිහා බලන් ඉන්න කෙල්ලගෙන් ශින්ජේ ඇහුවේ තාමත් ඒ කෙල්ල වැදුන අත පිහදන ගමන්....

-"මැඩම් මන් සුමී..."

නම ඇහුණ ගමන් කෙල්ලගේ බෙල්ලේ එල්ලලා තියෙන අයිඩී එක දිහා ශින්ජේ බැලුවේ කටකොනට හිනා වෙන ගමන්....ඒ හිනාවත් එක්කම ශින්ජේගේ අත සුමීගේ කම්මුල් හරහා ගියේ ඇසිපිය ගහන වේගෙන්...

WHO ARE YOU (Completed)Where stories live. Discover now