Part 5

60 15 0
                                    

-"ජන්කුකී කොහෙද ඉන්නේ...."

ශින්ජේ කෝල් එක කට් කරලා කැබින් එකේ දොරත් ඇරගෙන එලියට දිව්වා....

-"ඕහ් මිආනේ...."

ශින්ජේ දුවනකොට ඉස්සරහින් දුවගෙන ආව කෙනෙක් කෙල්ලගේ ඇගේ හැප්පිලා වැටුනා.....

-"මැඩම් මිආනේ..."

-"ඕහ් ඒකට කමක් නෑ..."

බිම වැටිලා හිටපු කෙනා ඉක්මනට ශින්ජේගෙන් සමාව ඉල්ලුවත් ශින්ජේ කරේ ඒ කෙනාගේ උරහිසට තට්ටුවක් දාලා හිනාඋන එක....
කෙල්ල ආයෙමත් හිනාවෙලාම කොරිඩෝ එකේ ඉස්සරහට දුවගෙන ගිහින් ජන්කුක්ගේ අතේ එල්ලුනා....

-"ජන්කුකී.."

-"මන් පරක්කුයිද පීචස්..."

කෙල්ල ඔලුව වනලා ජන්කුක්ට තුරුලු උනා...

-"මට ඔයාව ගොඩක් මතක් උනා ජන්කුකී...."

-"මටත් පීචස්...."

ජන්කුක් ශින්ජේගේ නලල ඉබලා කෙල්ලව ආයෙත් තදින් වැලදගත්තා....පැරිස් ටුවර් එක ගිහින් ජන්කුක් ආවේ සතිදෙකකට පස්සේ...ශින්ජේටත් ජන්කුක් එක්ක යන්න ඕන උනත් කම්පැනි එකේ වැඩත් එක්ක කෙල්ල ඒ ආසාවට විලංගු දැම්මා....

-"කෝ මට මොනාද ගෙනාවේ...."

-"මන් මේ ආව ගමන් ඔයාව බලන්න ආවේ ලැගේජ් ඔක්කොම ඩෝම් එකට අරන් ගියා...."

-"ඉතින් ?...."

-"ඉතින් කියන්නේ ඔයාට ගෙනාපුවා ඩෝම් එකේ යමු මාත් එක්ක..."

කෙල්ල ඇහිබැමි අකුලගෙන ජන්කුක් දිහා බලන් ඉද්දී ජන්කුක් කෙල්ලගේ කොන්ඩේ අතගෑවත් ජන්කුක්ට හිතන්නවත් වෙලාවක් නොදී ශින්ජේ ජන්කුක්ගේ බඩට ගැහුවා...

-"රිදුනා මට..."

-"රිදෙන්න තමා ගැහුවේ නැතුව හුරතල් කරන්න ගහනවද..."

කෙල්ල අහක බලාගෙනම කියද්දී ජන්කුක් කෙල්ලව හරහට වඩාගත්තේ ශින්ජේ කෑගහනකොටමයි....

-"මාව බිමින් තියන්න ජන්කුකී....කට්ටියත් බලනවා...."

ඒ කිසිමදෙයක් ගානකටවත් නොගෙන ජන්කුක් ශින්ජේව කා පාක් එකට වෙනකන්ම හරහට වඩන් ගියා....එම්ප්ලෝයර්ස්ලා ශින්ජේට තිබුන බය නිසාම ශින්කුක් ආදර කතාව කම්පැනිය ඇතුලෙන් එලියට ගියපු නිව්ස් එකක් උනේ නෑ...

WHO ARE YOU (Completed)Where stories live. Discover now