Part 3

63 15 0
                                    

-"කොහෙද මේ මල්කුමාරයෙක් වගේ ඇදගෙන යන්න හදන්නේ..."

ජන්කුක් හැමෝටම හොරෙන් එලියට යන්න හැදුවත් දොර අරින්න හදද්දීම පිටිපස්සෙන් ඇහුන කටහඩ නිසා ජන්කුක් දොර අරින එකත් පැත්තකට දාලා කෙලින් හිටගත්තා...

-"කුකී කොහෙද යන්නේ හැමෝටම හොරෙන් කියලා ඇහුවේ මම..."

ආයෙමත් යුන්ගි අහද්දී ජන්කුක් එයාගේ බනී හිනාවත් දාලා යුන්ගිගේ පැත්තට හැරුනා....

-"හ්යොන් හුලං ටිකක් වදින්න කියලා එලියට යන්න හැදුවේ..."

-"ඉතින් ඔච්චර හොදට ඇදගෙන යන්නේ මොකටද.."

එක ඇහිබැමකුත් උස්සලා සැක විදියට යුන්ගි බලද්දී ජන්කුක්ට තඩි කෙල ගුලියකුත් ගිලුනේ බය හිතුන නිසා...

-"ආහ් මටත් කම්මැලි මාත් එන්නම් ඔයත් එක්ක හුලන් ටිකක් වද්.."

-"නෑ නෑ හ්යොන් එන්න ඕන නෑ..."

යුන්ගිට කියන්න හදන දේ සම්පූර්ණ කරන්නවත් නොදී ජන්කුක් අත්දෙකත් උස්සලම කෑගැහුවා..ජන්කුක් දිහා රවලා බලලා යුන්ගි කිචන් එක පැත්තට යන්න හැරුනා..

-"හැන්ගි හැන්ගි වෙස් බැන්දට නටන්න වෙන්නේ එලිපිට ජන්කුක් !..."

එලියට කකුල තියපු ජන්කුක් ආයෙත් යුන්ගි දිහා හැරිලා බැලුවේ යුන්ගිගේ කතාව නිසා ඒත් යුන්ගි ගානක්වත් නැතුව කිචන් එක පැත්තට ඇවිදගෙන ගියා...

-"හ්යොන්ට NIS එකට බැදෙන්න තිබුනේ ආටිස්ට් කෙනෙක් වෙනවට වඩා ඒක ගැලපෙනවා...."

යුන්ගිට බැන බැනම ජන්කුක් කා එක ස්ටාට් කරා....පැයකට විතර පස්සේ පාක් එකට ආව ජන්කුක් කා එකෙන් බැහැලා මාස් එකයි හූඩී එකයි හදාගෙන ශින්ජේ ඉදන් හිටපු පැත්තට ඇවිදගෙන ගියා...

-"ඔයා පීචස් ගෙඩියක් වගේම තමා ශින්......"

කොන්ඩේ කඩලා දාලා දනහිස ලගට දිග සුදු ගවුමට කලු හූඩියක් දාලා හිටපු ශින්ජේව ඇත්තටම ජන්කුක්ට විතරක් නෙමේ ඕනම කෙනෙක්ට පෙනුනේ පීචස් ගෙඩියක් වගේම තමා..කෙල්ලගේ කම්මුල් සීතලටද මන්දා රතුවෙලා....

-"ගොඩක් වෙලාද ඇවිත් ?..."

ජන්කුක් ශින්ජේ ලගින් ඉදගන්න ගමන් අහද්දී කෙල්ල හිනාවෙලා ජන්කුක් දිහා බැලුවා...මට හොදටම විශ්වාසයි ශින් ජේ කිසිම දවසක මේ විදියට කා එක්කවත් හිනාවෙලා නැතුව ඇති...

WHO ARE YOU (Completed)Where stories live. Discover now