Part 2

88 14 0
                                    

-"ඔයාට හොදටම විශ්වාසද කුකී ඔයා කියන දේ ගැන...ඊයේ උන දේවලුත් ටේ මට කියුවා..."

බැල්කනි එකට වෙලා ජන්කුක් ජීන් එක්ක හිටියේ බරපතල කතාවක..ඒ කතාව කොයි තරම් බරපතලද කියන්න තිබුන හොදම උදාහරණේ උනේ බිම බලන් ඉන්න ජන්කුක් වගේම බැරැරුම් මුණකින් හිටපු ජීන් විතරයි.....

-"එයා ඇත්තටම නපුරුයි කියලා මන් හිතන්නේ නෑ හ්යොන්...ඉස්සෙල්ලම යාලුවෙක් විදියට මන් එයාට ලන්වෙන්නම්...."

ඊයේ ශින්ජේ තමන්ට කරපුදේවල් ගැන අංශු මාත්‍රයක්වත් නොහිතා ජන්කුක් කියුවෙම ශින්ජේ නපුරු නෑ කියලා...ජන්කුක්ට ඒකට හේතුවක් තිබුනා මොකද ජන්කුක් දැක්කා ශින්ජෙගේ කදුලු....

-"කවදා ඉදන්ද ඔය හැගීම් පටන් ගත්තේ..."

-"එයාව දැකපු දවසේ ඉදන්ම හ්යොන් ....එයා ඉස්සරහ මන් නිවෙනවා හ්යොන්..මන් ශින්ජේට ආදරෙයි ගොඩක්....."

ජීන් ජන්කුක්ගේ අත අල්ලගත්තේ ජන්කුක්ගේ ඇස්වලින්ම ඒ ආදරේ හොදහැටි පෙනුන නිසා..

-"මට ඔයාව එයාට දෙන්න බෑ කුකී ඒත් මන් ඔයාට අවස්ථාවක් දෙන්නම්...සති දෙකක් ඇතුලත එයාව හොද කෙනෙක් කරලා පෙන්නන්න එහෙම බැරි උනොත් ඔයාගේ ආදරේ හිත ඇතුලේම මරලා දාන්න..."

හැමදාම විහිලු කරලා ඉන්න හ්යොන් අද මේතරම් බරපතලව කතා කරද්දී ජන්කුක් බිම බලාගෙනම හිටියා.....ජීන් පුටුවෙන් නැගිටලා ජන්කුක්ව තුරුල් කරගත්තේ තමන්ගේ දරුවෙක් වගේ හැමවෙලේකම ජන්කුක්ව දැනුන නිසා.....

-"හ්යොන් ඔයත් එක්ක ඉන්නවා කුකී හැමදාම..."

-"ගුමාවෝ හ්යොන්...මේ සතිදෙක මට ඇති..."

ජන්කුක් තවත් ජීන්ට තුරුල් උනා...ජීන්ගේ දිග ඇගිලි තමන්ගේ කොන්ඩේ අස්සෙන් යද්දී ජන්කුක් ඇස් පියාගත්තා....

-"මන් නිකන්ද කියන්නේ ජීමිනා හ්යොන් අපිට වඩා ආදරේ මේ හාවට කියලා..."

කොහෙද ඉදන් ආව ටේමින් ඩබලගෙන් ටේ කියුවේ බැල්කනියේ බිමින් ඉදගෙන ඔලුවේ අතගහගන්න ගමන්....ජීන් ඒ වචන ඇහුණ ගමන් ජන්කුක්ගෙන් ඈත්වෙලා ඉනට අත තියාගත්තේ ඒ කතාවේ තේරුම මොකක්ද අහන්න වගේ....

WHO ARE YOU (Completed)Where stories live. Discover now