Part 4

59 14 0
                                    

ජීන් ජන්කුක්ට දීලා තිබුන සති දෙක ඉවරවෙන දවස උනේ අද.මේ ගෙවුනු දවස් දාහතර ඇතුලේ ශින්ජේගේ ලොකු වෙනසක් ජන්කුක් දැක්කා....අදත් ජන්කුක් පුරුදු විදියටම පාක් එකට වෙලා ඉදගෙන බලන් හිටියේ ශින් ජේ එනකන්.....

-"ඕහ් අජුම්මා මිආනේ..."

ජන්කුක් තමන්ගේ කල්පනාව බිදලා දාලා බැලුවේ එයාගේ දකුනු පැත්ත....ශින්ජේ කව්දෝ මන්දා ගෑනු කෙනෙක්ගෙන් සමාව ඉල්ලනවා වගේම ඒ ගෑනු කෙනාව අල්ලනවත් ජන්කුක් දැක්කා....

-"අජුම්මා ඔයා හොදීන් නේද...මිආනේ මගේ වෑරැද්ද...."

මීට කලින් කාගෙන්වත් සමාවක් නොඉල්ලපු කෙල්ල අද මනුස්සයෙක්ගෙන් සමාව ඉල්ලන දිහා ජන්කුක් බලන් හිටීයේ හිනාවෙලා...කෙල්ල වෙනස් වෙලා කියලා ජන්කුක්ට තේරුනා මොකද කෙල්ල කැමති නෑ දුප්පත් මිනිස්සු කෙල්ලගේ ඇගේ වදිනවට ඒත් දැන් ඒ ගෑනුකෙනා ශින්ජේගේ ඔලුව අතගානකොට කෙල්ල හිනාවෙලා ඒ ගෑනුකෙනාට ආචාර කරා....

-"ඕහ් ජන්කුකී මන් පරක්කුයි නේද අද..."

කෙල්ල ජන්කුක් ගාවට දුවගෙන ඇවිත් ඉදගත්තේ හුරතල් විදියට ඔලුවත් කසන ගමන්.....ජන්කුක්ට දැනුනේ තමන්ව වෙන ලෝකෙකට යනවා වගේ....

-"ගොඩක් පරක්කු උනේ නෑ පීච් ගෙඩිය...මොකද උනේ ඉස්සෙල්ලා..."

-"ඕහ් මන් කලබලෙන් ඔයා ගාවට දුවන් එද්දී ඒ අජුම්මා මගේ ඇගේ හැප්පිලා බිම වෑටුනා...."

-"ඇයි මන් ගාවට කලබලෙන් දුවන් ආවේ ඉතින් ?..."

ජන්කුක් ඇහිබැමකුත් උස්සලා අහද්දී කෙල්ල කම්මුල් පුම්බෝගෙන හිනාඋනා.....

-"ජන්කුකීට මන් දෙයක් කියුවොත් තරහ වෙනවද..."

වෙනදට තිබුන සැරපරුශ කටහඩ ජන්කුක් ගාවදී ශින්ජේට තිබුනේ නෑ...ඊට වඩා හුරතල් හඩක් කෙල්ලට තිබුනේ....ජන්කුක් ශින්ජේ අහපු දේට හිනාවෙලාම ඔලුව වැනුවේ නෑ කියලා....

-"ජන්කුකී මන් දන්නවා මන් ගොඩක් හොද මනුස්සයෙක් නෙමේ කියලා ඒත් ජන්කුකී මට පුලුවන් හොද මනුස්සයෙක් වෙන්න ඔයා වෙනුවෙන්...මන් ඔයාට ගොඩක් ආදරෙයි..."

ශින්ජේ කියුවේ බිම බලාගෙන...ශින්ජේ ජන්කුක්ට ලන්උනේ රිද්දන්න උනත් කෙල්ලම නොදැනී ජන්කුක් ගැන ආදරයක් ශින්ජේට ඇතිඋනේ අනිත් හැමදේම අමතක කරලා...කෙල්ලට ඕන උනා ජන්කුක් එක්ක සතුටින් ඉන්න හැමදේම අමතක කරලා...හැමවෙලේකම තමන්ව දුර්වල කරන ජන්කුක්ගේ ඇස්දෙක දිහා විතරක්ම මුලු ජීවිත කාලෙම බලන් ඉන්න කෙල්ලට ඕන උනා.....

WHO ARE YOU (Completed)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin