chapter 01 🥀

1.8K 172 85
                                    

හමාගෙන ගිය තද උණුසුම් සුළගත් ඒ දෑස් යොමු උනේ කඩිමුඩියේ ඒ මේ අත ඇවිදින නගරයේ ජනතාව දෙසටය, සදරු තලයේ සිට ඉමක් කොනක් නොපෙනෙන තරමට දිගට පෙනෙන තම රාජ්‍යය දෙස ආඩම්බරයෙන් බලා සිටි ජියෝන් නම්ජුන්ගේ දැහැන බිදින්නට සමත් වුණේ ඔහුගේ  බිරිදගේ ජියෝන් සියොක්ජින්ගේ දෑත් ඔහුගේ ඉන වටේ එතුනු නිසාවෙනි...........................

Jeon Namjoon Pov

හැමදාකම වගෙ හවස් යාමෙට රාජ්‍යය දෙස බලන එක මගේ පුරුද්දක්, ඒත් මද වෙලාවකින් මගේ ඉන වටේ ගිය ඒ පුරුදු උණුහුම මට ගොඩක් දැණුනා.....

: තව කොච්චර වෙලාවක් මෙහෙම ඉන්නද හිතන්නේ.......

: ඔබත් සමග මියෙන තුරාවට මට මෙහෙම ඉන්න හැකියි

: මට ඔබගෙන් අහන්නට යමක් තියෙනවා

ජින්ගේ බැරෑරුම් හඩ ඇසුණු නම්ජුන් ජින් දෙසට හැරී ඒ බිමට නැමී  තිබූ මුහුණ තම දෑතින් ඔසවා...

: කියන්න මට

: මේ දේවල් තවදුරටත් ටේහ්‍යුන්ගෙන් සැගවීමට අවැසි නොවේ,ඔහු කුඩා දරුවෙකු නොවේ ඔහු දැන් හරන්ග් හි රජු, ඔහු හදන්නේ ජේජූ රාජ්‍යය සමග හවුල් වීමටයි කෙසේ හෝ මෙය නවතාලිය යුතුය, මින් රජතුමත් ඔහුගේ පියා මෙන්මයි, මා හට මගේ සොයුරාවම බිල්ලට දෙන්න තරම් ශක්තියක් නෑ, අපි ඔහුට මේ ගැන පවසමු

ජින්ගේ රෝස පැහැති සිනිඳු කම්මුල් තෙමාලීමට ඔහුගේ දෑසින් වැටුනු කදුලු සමත් විය........
මෙය නම්ජුන්ට හා ජින්ට අලුත් කතා බහක් නොවීය, නමුදු තම බිරිදගේ කදුලු දැකීමට තරම් ඔහු ශක්තිමත් නොවීය.............
තම දෑගිලි වලින් ඒ සිනිඳු කම්මුල් අතගා තම බිරිදව තමාගේ හැඩිදැඩි සිරුරට ළන් කරගත් නම්ජුන්,

: හරි එහෙනම් ඔහුට හා ජිමිනිට ශිල්ලාවට එන්න කියා පවසන්න,කෙසේ වෙතත් මේ ගැන ජන්ග්කුක් හා ලියෝනාද දැනගත යුතුය අපි ඔවුන්ට කතා කරමු, අපි බලා සිටිමු

තම ස්වාමියා කියූ දෙයින් පුදුම වූ දෙනෙතින් ඔහු තමා ඉදිරියේ සිටි වල ගැහෙන කම්මුල් වලින්න් යුත් ඒ සුරගනන් පරදන සිනහවට වශී වන්නට විය තමාට තමා ගැනම ලැජ්ජාවක් පහල විය....

𝐒𝐞𝐨𝐮𝐥 𝐊𝐢𝐧𝐠𝐝𝐨𝐦 [𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝✓]Where stories live. Discover now