GUN 🔫Chapter 6🔫

1.1K 173 22
                                    

🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸

ජිමින්ට ඇහැකුත් ගහලා ජින් ගියේ ටේගෙ කරට අතකුත් දාගෙනමයි.

නම්ජුන් NIS එකෙ ලොක්කා. ඒ වගේම ගොඩක් දක්ශ හැකර් කෙනෙක්. හැබැයි නම්ජුන් කවදාවත් NIS එකේ අයට පේන්න ජිමින්ලත් එක්ක හිටියෙ නෑ. එහෙම ඉන්නව දැක්ක කෙනෙක් එතනින් එහා ජීවත් උනෙත් නෑ.

ජින් එහෙමත් නැත්තම් හේවොන්ගෙ bf ඩොක්ටර් කෙනෙක්. කට්ටියගෙන්ම වැඩිමලා වෙච්ච මෙයා තමා මල්ලිලා සෙට් එක මිශන් වලින් තුවාල කරන් එද්දි බෙහෙත් දාන්නෙ. ඔම්මා කෙනෙක් වගේ කට්ටියව බලාගන්නෙත් මෙයා.

ජිමින් මැශින් ගොඩකට වට වෙලා ඉන්න හා යොන්ග් ලගට ගිහින් කට්ට ගහලා තිබ්බ අතත් පරිස්සමට අල්ලන් ඔලුව අත ගෑවා.

"ඉක්මනට සනීප වෙනවා පිස්සු හොල්මන. කච කචේ නැතුව පාලුයි මට"

ටික වෙලාවකට පස්සෙ,

"බොස්, අරූව අල්ලගත්තා. බොස් දැන්ම එනවද"

"දේ ජෝන්, කජා"

හා යොන්ග්ගේ ඔලුවත් අතගාලා ජිමින් කෙලින්ම ආවෙ පොලව යට තිබ්බ බන්කර් එක ඇතුලට. යද්දිත් මනුස්සයෙක් විලාප දෙන සද්දෙ ඇහුනා.

"උබ කියන්නෙම නෑනේ, කියපන් උබව එව්වෙ මොකාද"

ඒ සුගා. ගොඩක් නිහඩ චරිතයක්. තරහ ගියොත් ඉවරයි. ඒ එයාලට ඕනෙ දේ දැනගන්නකල් දෙන්න පුලුවන් දස වද දෙන තැනක් මෙතන. තනි කකුලකින් එල්ලපු මනුස්සයාගෙ අත් දෙක පිටිපස්සට කරල බැදලා. නූල්පටක්වත් ඇගේ නෑ. එක කකුලක් කපලා. ඒ කපපු තැනින් ලේ ගලාගෙන ගිහින් තිබ්බා. එල්ලලා තිබ්බ මනුස්සයාගෙ මූනට යටින් රත් වෙමින් බුබුලු දාමින් තියන වතුර බැරල් එකකුත් තිබුනා. ඒ වෙද්දිත් ඒ මනුස්සයාගෙ මූන බලන්න බැරි තරමට පිච්චිලා. මූනෙ තැනින් තැන පිච්චුන පාරවල්. ඇගේ කියලත් වෙනසක් නෑ. රතුපාටින්, නිල් පාටින් පැහැදිලිව නහර ඉලිප්පිලා පෙනුනා.

"බලපන්කො මූ වැඩ්ඩා වගෙ දත් මිටි කාගෙන ඉන්න ලස්සන. සුගා ඕක නවත්තපන්කෝ, ජොන් ගෙනෙන් අර පවුඩර් එක"

ජෝන් සෙනික ඒ බයානක පවුඩර් පෙට්ටිය ජිමින් අතට දෙද්දි ජිමින්ගෙ කට කොනින් හිනාවක් ගියේ මේ පවුඩර් එකෙ පවර් එක ඒ මනුස්සයාට දැනෙද්දි ඌ අනිවා ඇත්ත කියනවා කියලා දන්න නිසාමයි.

GUN  🔫 < PJM > [ON HOLD]Where stories live. Discover now