අහිමි සද 8

903 228 42
                                    

පාර හරස් කරලා නවත්තපු වාහනෙන් කවුරුත් බැස්සේ නැති නිසා මගේ හිතට ආවේ පුංචි තිගැස්මක්, ඒත් එක්කම පිටිපස්සෙන් ආපු ටැක්සියට අත දාන්න මං පාර පැත්තට ගියා, ,

ඒත් එක්කම වාහනෙන් බැහැලා ආපු ජිමින් මගේ වැල මිටට උඩින් තද කරලා අල්ලගෙන මාව ඇදගෙන ගිහින් වාහනේට දැම්මා,,,

ටික දුරක් යනකං යන්නේ කොහෙද කියලා අදහසක් මට තිබුණෙ නෑ, වාහනේට නැග්ගත් හරි එක පාරක් වත් ජිමින් මගේ දිහා බැලුවේ නෑ වචනයක් වත් කතා කරෙත් නෑ,

යන්නේ කොහෙද කියලා ජිමින් ගෙන් අහන්න තරම් හයියක් මට තිබුනේ නෑ, ඒත් ටිකක් දුර යද්දි මට තේරුනා අපි ටිකෙන් ටික නගරෙන් ඈතට යනවා කියලා.....

පැය තුනකට ආසන්න වෙලාවක් ආපු ගමනින් පස්සේ ලස්සන කදු වළල්ලකින් වටවුනු මිටියාවතක් මැද පාට පාට ටියුලිප් මල්වලින් වටවුන ගෙයක් ලග ජිමින් වාහනේ නතර කරා,,,,,,

මේ තමා මගේ හිනේ මං හැමදාම හින දැක්කේ මේ වගේ තැනක මේ වගේ ගෙදරක ඉන්න මුලු ලෝකෙන්ම ඈත් වෙලා ඉන්න......

මං ඒ ලස්සන පරිසරය දිහා බලාගෙන හිටියේ වශී වෙලා වගේ, ඒත් එක පාරටම දොර ඇරලා මාව එලියට ඇදලා ගත්ත ජිමින් මාව වාහනේ ට දාපු විදියටම ඇදගෙන ගේ ඇතුලට අරන් ගියා, පඩි පේලි කීපයක් නැගලා ඉස්සරහ තිබුන කාමරේ දොර ඇරපු ජිමින් මාව ඒ කාමරේ ඇදට තල්ලු කරලා දොර වහලා යන්න ගියා,,,,,,,

විනාඩි යක් දෙකක් එහෙමම හිටපු මං වට පිට බැලුවේ මං ඉන්න තැන කොහොද කියලා බලන්න, ඒත් මගේ ඇස් ලොකු වුනේ බිත්ති පුරාම තිබුන මගේ ෆොටෝ දැක්කම, අපි හම්බ වුන මුල්ම කාලේ ගත්ත ෆොටෝ වගේම මීට අවුරුදු තුනකට කලින් ගත්ත ෆොටෝසුත් එතන තිබුනා......

ඒ වගේම මං ආස කරපු හැමදේම, ු ඒත් එක්කම කාමරේ ් දොර ඇරගෙන ඇතුළට ආපු ජිමින් වචනයක් වත් කතා නොකර ඔරේන්ජ් ජුස් එකක් මේසේ උඩින් තියලා යන්න හැදුවා, තවත් කට වහගෙන ඉන්න එකේ තේරුමක් නැති නිසා මං කථා කරා,,,,,,

"ජිමින් 😶😶"

යන්න ගිය එයා එහෙමම නැවතුනත් නිකමට වත්ආපහු හැරුනේ නෑ...

   අහිමි සද 💜🥀(Complete)Where stories live. Discover now