අහිමි සද 12

911 236 58
                                    

"මං අසාර්ථක ගීයක්
පද නොගැලපෙන කවියක්
ඒ උනත් මේ මං නිසා
හිත රිදවගත්තු ඔයා මට ලෝකයක්
🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

මං බිමට පහත් වුනේ ජිමින් ව ඇහැරවන්න හිතාගෙන ඒත් නහයට දැනුන වයින් සැරත් එක්ක මට තේරුනා ජීමින් ඉන්නේ හොද සිහියෙන් නෙවෙයි කියලා,,,,,,,

ටිකෙන් ටික වැඩි වෙන සීතල නිසා ජිමින් ට මෙතන නිදාගන්න දෙන්න බෑ කියලා මට තේරුනා, අමාරුවෙන් කථා කරලා කරලා ජිමින් ව ඇහැරවගත්ත මං හීමිට වත්තන් කරගෙන ඇවිත් ඇදට දැම්මා, ,, ,,,

බැල්කනි එකේ දොරත් වහලා මමත් කාමරේට ආවේ තවත් එලියේ ඉන්න හිතක් නොතිබුණු නිසා,,,

අත පය හතර පැත්තට දාගන පුංචි ලමේක් වගේ නිදාගන ඉන්න ජීමින් ව දැක්කම මට පුංචි හිනාවක් ගියා,,,,,,,,

දෙපාරක් නොහිතම මං ඒ සිනිදු කොන්ඩේ අතරේ ඇගිලි තුඩු යැව්වේ අදින් පස්සේ ඉස්සරහට එන දවස් වල ජිමින් ගේ හැසිරීම කෝම වෙයිද කියලා හිතන ගමන් මයි,,,,,,,,,,,,,

පහුවදා උදේ මට ඇහැරුනේ මූණ ට වැටුන ඉර එලිය නිසා, අමාරුවෙන් ඇස් දෙක ඇරලා බලන කොට මං දැක්කේ මගේ පපුවේ මූණ හංගගෙන නිදාගන ඉන්න ජීමින් ව, ,,,

සද්ද නැතුව ම ඇදෙන් නැගිටපු මං වොෂ් එකක් අරගෙන පහලට ආවේ ජේමින් ගේ කෑම එක හදන්න ඕන නිසා,,,,

මං කිචන් එකට යනවත් එක්කම මගේ පිටිපස්සෙන් ආපු ජියා බැන්ඩේජ් කරපු මගේ අත තද කරලා අල්ල ගත්තේ වේදනාවට මගේ ඇස් වලින් කදුළු ගනිද්දී,,,,

"ආහ් ජියා රිදෙනවා "

"මටත් රිදෙනවා සේහියා උබ ජිමින් ව කාමරේ ඇතුලේ දාගන ඉන්නකොට "

"ජි ජියා ජිමින් ඩ්‍රින්ක්ස් අරන් නිදාගන හිටියේ "

" ජිමින් ව රවට්ටගන තව බොරුත් කියනවද, "

ගිනි පිටවෙන ඇස් වලින් මගේ දිහා බලාගෙන ජියා ටිකෙන් ටික මගේ අත තද කරේ යන්තමට හොද උන තුවාල ආපහු පෑරෙන විදියට, ඒත් එක්කම කවුරු හරි පහලට එන සද්දෙට මාව අතෑරල ආපහු විල්චෙයාර් එකෙන් ඉද ගත්ත ජියා,,,,,,

"සේහියා මටත් උනු වතුර ටිකක් දෙනවද බේත් බොන්න ඕන "

""ආහ් 😶😶"

   අහිමි සද 💜🥀(Complete)Where stories live. Discover now