අහිමි සද 13

903 236 59
                                    

ඔන්න හරි පොඩ්ඩක් රෙස්ට් කරන්න සේහියා, හවසට කථා කරමු, අද ඉදන් මං මෙහේ "

"😊😊"

ටේයොන් යනකන් ඉදපු ජිමින් ඇදේ ඉදගෙන හිටපු මගේ ලගින් දන ගහගෙන මගේ ඔඩොක්කුවේ අත් දෙක තියාගත්තා,,,,

"උදේ මොකද උනේ සේහියා, ඇයි ඔයා ජියා එක්ක තරහා, එයාගෙයි මගෙයි අතරේ තියන්නේ කොලේකට සීමා වුන බැදීමක් විතරයි "

"ජිමින් මොකක්ද කියන්නේ "

"ඇයි ඔයා ජියා ගේ ඇගට උනු වතුර හැලුවේ "

මං මුලින්ම හිතුවා ජිමින් ට ජියා ගැන ඇත්ත ම කියන්න ඕන කියලා ජිමින් වුනේ මොකක්ද කියලා අහපු නිසා, ඒත් අන්තිමට අහපු දේ නිසා මගේ හිතට ජිමින් ගැන ඇතිවුනේ කේන්තියක්,,,

එයා තවමත් විශ්වාස කරගෙන ඉන්නේ ජියා කියපු දේ විතරයි, ජිමින් ඇස් පියාගෙන ජියා කියන හැමදේම විශ්වාස කරන්නේ ඇයි කියලා මට හිතාගන්න බැරි උනා,,,,,,,,,

ජිමින් එහෙමම ඉද්දි මං නැගිටලා බැල්කනි එකට ආවේ තවත් ජිමින් එක්ක කථා කරලා තේරුමක් නෑ කියලා මට දැනුන නිසා.........

ඒත් එක්කම වත්තට ඇතුල්වුනු වාහනේන් ඇවිත් බැස්සේ ග්‍රේස් ආච්චි එක්ක ජන්කුක්...............

මාව දැක්ක ගමන් ම පහල ඉදන් මට අත් දෙකම වනපු ජන්කුක් හිනාවෙවීම ග්‍රේස් ආච්චි ත් එක්ක ඇතුළට ආවා,,,

මාත් ආපහු රූම් එකට ආවේ පහලට යන්න හිතාගෙන,,

"කොහෙද යන්නේ සේහියා පොඩ්ඩක් නිදාගන්න "

"මං පහලට යනවා "

"ඒත් දැන් ඔලුව රිදෙනවා කිව්වේ "

ජිමින් කියන දේ ඇහුනේ නෑ වගේ මං පහලට ආවා ජිමිනුත් මගේ පස්සෙන් ම කියව කියවා ආවා,,,,,

මං එනකොටත් ජියා ඉස්සරහට ගිහින් හැමෝම එක්ක කථාව, මං එහෙමම පඩි පෙළ ගාව නැවතුනේ මං මෙතෙන්ට අනවශ්‍ය කෙනෙක් කියලා දැනුන නිසාමයි,,,

මගෙ පස්සෙන් ආපු ජිමින් ග්‍රේස් ආච්චි දැක්කට පස්සේ,,,,

"ආච්චි, ජන්කුකා මොකද හදිසියේම "

"මං ආවේ මගේ පොඩි මුනුපුරාව බලලා යන්න ජිමින් පොඩි කාලේ බලා ගත්ත නැනීටම මං එන්න කිව්වා එයාව බලාගන්න, එයා හවස එයි "

   අහිමි සද 💜🥀(Complete)Where stories live. Discover now