"නෝනා හාමු... දැන්වත් ඔය ගුහාවෙන් එළියට සැපත් වෙනවද..? දවසම ඕක අස්සට වෙලා ඉන්නෙ නැතුව එලියට පහලියට බැහැලා ටිකක් ඇවිදලා කරලා බලනවා." ඔය ඇහෙන්නේ අපේ මෑණියන්ගෙ ශ්‍රී නාදය...
"ලොකූ... දැන්මම එන්න කිව්වේ... දෙයක් කතා කරගන්න තියෙනවා..."
කතා කරන්න??? දෙයක්??? ඒ නම් හොඳකට නෙවෙයි.
මම මී පැටියා වගේ කාමරේ ඉඳන් සාලෙට ලිස්සලා ආවා.
අම්මා උගුර පාදලා එහෙම කතාව පටන් ගත්තා. තාත්තත් මගෙ දිහා බලාගෙන ඉන්නවා මොකක්දෝ කියලා තේරෙන්නෙ නැති බැල්මට් එකකින්.
"ලොකූ... දැන් වයසත් හරිනෙ.." වයස හරි? ඒකෙ ඉතින් ආයෙ වැරදෙන්න දෙයක් තියෙනවයෑ.. මගෙ වයස කොහොමත් හරි තමයි.
"අපි මේ බැලුවේ ගැලපෙන ළමයෙක් හොයාගන්න.."
"මායි මල්ලියි ඉන්නකොට ආයෙ මොකටද අම්මෙ ළමයි...මේ ඉන්නෙ වර්ග දෙකෙන් එක එක."
ඒ පාර නම් අම්මගෙ මූන නිකන් සත පහ වගේ වුනා.
"ළමයො, මං කිව්වේ ඔය ළමයට..."
"මට මොකටද අම්මෙ ළමයි... මං තාම බැඳලත් නෑනෙ.. අම්මට පිස්සුවත් හැදීගෙන එනවද.."
අන්න තාත්තා නැගිටලා ගියා...
"ලොකූ... මගෙ යකා අවුස්සන්නෙ නැතුව ඉන්නවද... මම කිව්වේ ඔයාට කසාද බඳින්න..."
"මොකක්... කසාද..? අනේ අම්මෙ මට නම් බෑ... ඕන්නම් අර මල්ලිව බන්දලා දෙන්න..."
"ඒ ලමයා මොකටද කසාද බඳින්නේ.. ඒ කොල්ලා තාම ඉගෙන ගන්නවා.... දැන් ඔයාගෙ කල වයසත් හරිනෙ. ඊයෙත් අර සන්ධ්‍යා මගෙන් ඇහුවා කෙල්ල දැන්ම කසාද බඳින්නෙ නැද්ද කියලා..."
"ඉතින් අම්මෙ එයාට ඕන නම් බැඳගන්න කියන්නකො. මට නම් බෑ..."
"ඇයි බැරි?"
"මට නිදහසේ ඉන්න ඕන."
"ඇයි බැන්දම නිදහසක් නැද්ද.." අන්න තාත්තා ආයෙ ආවා. ඕවා කැත වැඩ හොඳේ... දෙන්නත් එක්ක මාව ගෙදරින් එලවන්න හදන්නේ...
පැය දෙකක විතර මහා සංග්‍රාමෙකින් පස්සේ මම අන්ත පරාජයකට පත් වුණා. අම්මයි තාත්තයි ඉතා ජයග්‍රාහී ලෙස ජයග්‍රහණය කලා.
YOU ARE READING
*•.¸♡ The Proposal ♡¸.•* ✓|| JHS || Sinhala Fanfiction
FanfictionDescription එකක් නෑ.😁 එහෙම එකක් ලියන්න මට කම්මැලියි.