ආගමනය

1.5K 360 156
                                    

"මේ අක්කෙ... දැන් බැන්දට පස්සෙ පැණිහඳ එහෙම කොහොමද ගන්න හිතන් ඉන්නේ...?"

"මොක? පැණි කජු??"

"පැණි කජු නෙවෙයි හලෝ... පැණි හඳ..."

"ඒ මොනවද ඒ...? අලුත් අයිස් ක්‍රීම් ජාතියක්ද?"

"අයිස් ක්‍රීම්? අපෝ මොනවද අක්කෙ තමුසෙ තාම ඉන්නෙ ගල් යුගයෙනෙ. ඔය ඇඳුම පැත්තක දාලා මං කියන්නේ කොල අතු ටිකක් ඇඳගන්න..."

"අනේ මේ... ගල් යුගේ බැයිනම් එඬේර යුගේ... උඹ මෙතන පුරාවිද්‍යාඥයා වෙන්නෙ නැතුව අහපු එකට උත්තරයක් දියංකො."

"හනිමූන් අක්කෙ, හනිමූන්.... උගන්නන්නේ English.. ඒ වුණාට හනිමූන් දන්නෙ නෑ..."

"ඉතින් යකෝ හනිමූන් වලට සිංහලෙන් කියන්නෙ මධුසමය කියලා... මොන රටේද පැණි හඳ කියලා කියන්නේ... අනික මං උගන්නන්නේ English literature. ඒවගෙ ඔය අසභ්‍ය දර්ශන නෑ..."

"අනේ නැති හැටි මමනෙ දන්නෙ. කැම්පස් යද්දි lecturersලටයි සාහිත්‍ය කාරයන්ටයි බැන බැන බලපු ෆිල්ම් තොගේ. ඒවගෙ තිබුනෙ පෙරපාසල් දර්ශන වෙන්න ඇති නේද?"

"කට වහගෙන drive කරපං උලමා..."

...........

ඔන්න අපි අපේ ගමනාන්තයට ආවා. මගෙ ඉස්සරහා දිලිසි දිලිසි තිබුනේ වෙන මොකුත් නෙවෙයි කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල. දැන් මට තියෙන ප්‍රශ්නෙ මේ රටේ මෙච්චර යන්න තැන් තියෙද්දි මේ ගොන් බාන මෙතනටම ආවෙ මොකටද?

"නියමයි. දැන් දෙන්නත් එක්කලා හදන්නෙ මාව රට පටවන්නද?"

"කට වහගෙන ඉන්නවකො අක්කෙ."

"මං මොකටද කට වහන්නෙ... මට සාධාරණ අයිතියක් තියෙනවා ඇයි මෙතනට ආවේ කියලා දැනගන්න."

"අයියෙ... හොඳටම ෂුවර්ද මෙයාව බඳින්නම ඕන කියලා. මං නම් කියන්නේ මෙයාව බඳින වෙලේ කීයක් හරි දීලා හරකෙක් ගත්තත් පාඩු නෑ."

මලයා එහෙම කියලා මනාලස් දිහා බලද්දි ඒ යකා මහසෝනා දැකලා වගේ බයවෙලා ඔලුව උඩට පාතට වනන්න ගත්තා.

දැන් එතකොට මේකා ඔලුව වනලා ඔව් කිව්වේ බඳින්න ඕන කියලද නැත්නම් හරකෙක් ගන්න ඕන කියලද.....?

*•.¸♡ The Proposal ♡¸.•* ✓|| JHS || Sinhala FanfictionWhere stories live. Discover now