තනියම? දවසක්?

1.8K 397 155
                                    

Wedding එක කඩාකප්පල් කිරීමේ මගෙ කුමන්ත්‍රනේ තනියම දියත් කරන්න තරම් හමුදා ශක්තියක් නැති නිසා මට සිද්ධ වුණා ඒ වැඩේට මල්ලිගෙන් විදේශ ආධාර ඉල්ලන්න. කොහෙද ඒ යකා අහන අහන වෙලාවට එළුවෙක් වගේ බෑහ් බෑහ් ගානවනෙ. කමක් නෑ.... කොහෙවත් යන එළුවො මොකටද මං තනියම ගේම ගහනවා.

"ලොකූ.... අර ළමයත් එක්ක අද හවසට පන්සලට ගිහින් එන්න."

"ඇයි අද පෝයද..???"

"පෝය? මොන ලෝකෙද ඉන්නෙ ළමයො. පෝය පහුවෙලා දැන් සතියක් වෙනවා.. "

"ආ... එහෙමද... ඇයි එතකොට පන්සල් යන්නෙ?"

"දෙන්නත් එක්ක ගිහින් බුදුන් වැඳලා එන්න... කසාද බඳින්න ඉන්න ජෝඩුවක්නෙ."

මොකක් කසාද බඳින්න....? බුදුන් වඳින්න....? අම්මට නම් මොකක්ම හරි නට් ලූස් එකක් වෙලා තියෙනවා. 

.

.

.

කෝ මේ සුදු හූනා... ආපු කෝල් එක ආන්ස්වර් කරලා එන්නම් කියලා ගියා ගියාමයි තාම නෑ. ඒ ටිකට මුල් ඇදලා පැල වුනාවත්ද..?

ඒ අස්සෙ මෙතන ඉන්න පොඩි ඇච්චො බැච්චො ටිකක් මාව බයිට් එකට අරන්.

"ආ නංගී.... තනියමද ආවෙ..." ඊයා.... හැක හැක හැක ගාලා දාපු හිනාවෙ කැත විතරක්.

"නෑ අයියෙ මැරිච්ච ආච්චිත් එක්ක ආවෙ." ඇයි යකෝ... ආවා මෙතන.... පේන විදිහට නම් අපේ මලයටත් වැඩිය පොඩි උන් ටිකක් වගේ.

"අම්මෝ මෙයාගෙ සැර... නංගි මොනවද දවල්ට කෑවේ.." හැක හැක හැක

"චිකන් හොදියි කුකුල් මසුයි. ඇයි ඕනෙද?"

කියලා ඉවර වෙනවත් එක්කම මොකෙක්දෝ එකෙක් මගෙ කර වටේට අතක් දැම්මා. ෆිල්ම් බලලා ඉගෙන ගත්ත චීන අඩි වලින් පාරක් දෙන්න හැරෙනකොට වෙන කවුරුත් නෙවෙයි හිටියෙ මගෙ මනමාල මහත්තයා. මගෙ...? හෑ.... නෑ නෑ මගෙ නෙවෙයි...

"Sorry, it was a little urgent.... Honey, what happened....?" මූ මොනවද මේ කියවන්නේ..... පැණි....? පැණි පෙන්නන්නම්කො මං මෙතනින් ගියාම..

"අ..... No... Nothing...."

මොනවා වුනත් කොල්ලා ඇවිත් මගෙ කරට අත දාගනිද්දි අර පොඩි උන් ටිකගෙ කටවල් නිකන් පොල් බෑ සයිස් එකට ඇරුනා.

*•.¸♡ The Proposal ♡¸.•* ✓|| JHS || Sinhala FanfictionWhere stories live. Discover now