CHAPTER 4

229 47 5
                                    

"උන් ආයිමත් ඇවිත්..හැමෝම ලෑස්ති වෙන්න.."

"Victor..මේ පාරත් අපෙන් කෙනෙක් අපිට නැති කරන්නයි හදන්නේ..ඒක වෙන්න දෙන්නේ නෑ මං මේ සැරේ නම්"

Alpha ගොරවන්න ගත්තේ තමන්ගේ බිරිඳ නැති වුනෙත් Victor නිසා කියන වේදනාව හිතේ තියාගෙන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Alpha ගොරවන්න ගත්තේ තමන්ගේ බිරිඳ නැති වුනෙත් Victor නිසා කියන වේදනාව හිතේ තියාගෙන..Alpha ගේ බිරිඳ මනුස්සයෙක්.අනිත් අය කාගන්නකොට මරා ගන්නකොට ඇයට Victor ට විරුද්ධව එක ඇඟිල්ලක් වත් හොල්ලන්න පුළුවන්කමක් තිබුණේ නැහැ.ඒ නිසාම එයා ලොකු කලකිරීමකින් ජීවත් වුණේ..ඒ වුණාට ඇය නිර්භීත කාන්තාවක්.ඒ නිසයි දැක්කත් බය හිතෙන  Werewolf කෙනෙක්ට ආදරේ කරේ..ඇය එක් සටනකදී තමන්ගේ ආදරේ වෙනුවෙන් ජීවිතය පරදුවට තිබ්බා...

"Alpha..කලබල නොවී කල්පනාවෙන් වැඩ කරන්න..අපට දෛවය වෙනස් කිරීමට නොහැකි..ඔබ මිනිස් තරුණියක් විවාහ කරගත් නිසයි..ඇය අකාලයේ මිය ගියේ.එමෙන්ම ඔබේ බලය හීන වුණේ..කෙසේ වුවද ඔබ ප්‍රවේශම් විය යුතුයි..ඔබට දැන් Victor සමඟ සටන් කිරීම අපහසුයි"

Master බලාපොරොත්තු සුන් වූ විලාසයකින් Alpha අමතන්න වූයේ අනාගතයේදී වන දේ තමා දන්නා නමුත් එය වෙනස් කිරීමට තමන්ට නොහැකි නිසාත්ය.Master කියන්නේ ඩී ට එදා මුණ ගැහුණ සුදු වෘකයා..Master වෘක පෙනුමක් තියන ජීවත් නොවන නමුත් නොමැරුණු කෙනෙක්ය..

"Alpha අපි ලෑස්ති"

felo වැම්පයර්වරුන් විනාශ කරන්න නොඉවසිල්ලෙන් ගොරවන්නගත්තා..Felo තම කණ්ඩායම වෙනුවෙන් කැප වූ කෙනෙක්. නමුත් විටෙක ඔහු ඉතා ගුප්ත විය.

"හරි..එහෙනම් උන්ව ඉවරයක් කරමු.."

Alpha තමන්ගේ වෛරය පෙරටු කරගෙන ඇස් දල්වා සිටියේ වැම්පවැම්පයර්ගේ අවසානය අද දැකීමට තමන්ට අවශ්‍ය වූ නිසයි.

I  MET  HER [COMPLETED✔]Where stories live. Discover now