CHAPTER 7

167 39 17
                                    

ඉර මුදුන් වෙන්නත් ලඟයි.ජනේලෙන් කාමරේ ඇතුලට ආපු ඉර එලිය ඩී ගේ මූණටම වැටුනා.මුලු ගෙදරම පාලු වෙන්න ඩී ලොකුම ලොකු ඈනුමක් ඇරියා.ඇස් දෙකත් පොඩි කර කර අමාරුවෙන් නැගිට්ටා..

"හාආ.......හරිම කම්මැලි...ආව්..මගේ ඔලු ගෙඩිය.."

කලින් දවසේ ඩී හොඳටම බීලා හිටිය නිසා කිසිම දෙයක් හරියට මතක තිබ්බේ නෑ..ටිකෙන් ටික හැමදේම මතක් කරන්න උත්සාහ කරා..

"මේ number එක මොකද්ද?..මං කාටද මේ call අරං තියෙන්නේ.."

_________________________________________

"උබ මොකද ඔච්චර ඒ කෙල්ල ගැන කියවන්නේ..ආ?"

"ඔහ්..උබට ඒකි ගැන මොකක් හරි..මොකක් හරි..හිතිලද? "

තතමන්ගේ යාලුවා තාත්තා නැති වුණාට පස්සේ කවදාවත් සතුටින් ඉදලා නෑ කියලා felo හොදටමදන්නවා.ඒත් කෙල්ලෙක් නිසා හරි Jayce සතුටින් ඉන්න එක ගැන felo ගොඩක් සතුටු වුණා.ඒ වගේම තමන්ගේ යාලුවා ආදරේක පැටලිලා කියලත් felo ට තේරුණා.

"උබට පිස්සුද..මට එයා ගැන මුකුත් හිතිලා නෑ..උබ මොනා කියවනවද මන්දා.."

Jayce තමන්ගේ හැගීම් ඒ වගේම හිනාව පාලනය කරගන්න ගොඩක් උත්සාහ කලා.Jayce ට ඕන උනේ නෑ තමන්ගේ හිතේ තියන දේවල් යාලුවා දැනගන්න..ඒත් එක්‌කම Jayce ගේ ෆෝන් එක ring උනා..

" අඩෝ...කෑගහන්න එපා..මං හිතුවා එයා call කරයි කියලා.."

"කවුද බන්..?"

"කටවහපන්කෝ"

_________________________________________

"Helloo.."

"Hello කවුද මේ කතා කරන්නේ?"

"ඔයානේ මට කතා කරේ..කවුද කියලා දන්නේ නැත්තන් call කරේ මොකටද..පිස්සුද?"

"මට ඇති පිස්සුවක් නෑ..මගේ Phone එකෙන් ඔයාට call එකක් අරං තිබුණා..ඒත් මං ගත්තේ නෑ වගේ තමයි..මට මතක"

"හ්ම් හ්ම්...ඔයාට ඊයේ වෙච්ච කිසිම දෙයක් මතක නෑ වගේ..නේද ස්කූටි කෙල්ල"

"ස්කූටි..කෙල්ල"

"මං ඔයාගේ ස්කූටියේ හැප්පුන කෙනා..ඒ වගේම ඊයේ ඔයත් එක්ක බිව්වා කෙනා..තව ඔයාව කරේ තියාගෙන ගෙදරට ගෙනාව කෙනා.."

I  MET  HER [COMPLETED✔]Where stories live. Discover now