අපි අපේ 2

2K 353 142
                                    

බත් එක දීලා ඇවිල්ලා මම දාහක් දේවල් කල්පනා කලා...ඒ වෙද්දි මගෙ හිතේ තිබ්බෙ තනිකරම චිත්‍රපටයක් හදන්න පුළුවන් තරම් ප්ලෑන් ගොඩක්... ඒ දේවල් හිතන ගමන් අම්මාටවත් තාත්තටවත් පේන්නෙ නැති වෙන්න මිදුලෙ පැත්තකින් සාමාන්‍ය ගල් කැට විස්සක් තිහක් ඇහිඳගත්තෙ රෑට මගෙ ප්ලෑන් එකට ඕන් වෙන නිසා....
තාත්තට බත් බෙදලා දීලා අම්මා මටත් කන්න කිව්වම වැඩිය අම්මව කෑගස්සන්නෙ නැතුවම කාලා ඉක්මනට කාමරේට ගියා....ඊට පස්සෙ මට ඕන උනේ අරූව චැට් එකට ...ඒත් මම හැම වෙලේම හිතුව දෙයක් තමා හදිස්සි වෙලා ඉස්සර උනොත් ඌට සැක හිතෙයි කියන එක....සේරම ගානට වෙන්න ඔඅටන් ගත්තෙ රෑ නමය පහු වෙලා විනාඩි විස්සක් විතර ගියහමයි..

" කෝ උඹලග් නෑයො ගියාද"

# ආ...ඔය ඇවිල්ලා තියෙන්නෙ ඉල්ලන් කන්න...හිටපන්කො ගුලිය අඹරන්න්  පටන් ගන්න #

" නෑ අනේ...හෙට යන්නෙ එයාලා.... ආ මට අයියව මේ මතක් උනා විතරයි "

"ඒ මොකෝ බන් "

" නෑ මේ නිකන්...ඔය බෝඩිමේ කලින් හිටපු අයියා ටිකකට කලින් චැට් කලා.."

" මොකෝ මෑන්ස් කියන්නෙ "

" ඕක ගොඩ කල් වහලා දාලා තිබ්බ නිසා රෑට පිරිත් ටිකක් හරි දාලා නිදාගන්න කිව්වා...කලින් සිද්ද වෙලා තියෙන දේවලුත් එක්ක කෝකටත් හොදයිනෙ කියලා"

" ඒ කිව්වෙ...මොනවද කලින් සිද්ද වෙලා තියෙන දේවල් කිව්වෙ..."

" මාත් ඉතින් ඕවා හරියට දන්නෑ....අනික මම නම් ඔය හොල්මන් විස්වාස කරන ජාතියෙ එක්ව්කුත් නෙමෙනෙ...මල විකර..කවුද අයියෙ ඕවා ගනන් ගන්නෙ"

" වටේ යන්නෙ නැතුව කියපංකො...මොකද්ද අරු කිවේ..."

" ඕන් ඕකනෙ...ඔහොම කලබල වෙනවා කියලා දන්නවනම් මේක කියන්නෙත් නෑ "

" දැන් උඹ කියනවද නැද්ද..."

" නෑ නෑ අනේ....එයා ඔය බෝඩිමෙන් අයින් වෙලා තියෙන්නෙ රෑට රෑට එක එක සද්ද එනවලු....ගෙදර අයට කිව්වට ගානක් ගත්තෙ නැහැල්ලු....පස්සෙ ගමේ කෙනෙක්ලු කිව්වෙ ඔය බෝඩිමෙ හිටපු කොල්ලෙක් ඕකෙ එල්ලිලා මැරිලා තියෙනවා කියලා...ඒකෙ හොල්මන් වෙන්න ඇතිලු"

අපි අපේWhere stories live. Discover now