අපි අපේ 6

1.8K 382 78
                                    

අපි අපේ 6

" දැන් ඉතින් කියව කියව ඉන්නෙපා...මේන් මෙහෙන් වාඩි වෙන්න.... "

" ඕන්නෑ බන්..මම උඩට යන්නම්...මම නිසා උඹලටත් වදේ "

" අප්පේ ඔව්....අපි ඔයාව කරේ තියන්නෙ ඉන්නෙ...."

" නෑ නෑ ඉතින්...හරියට බැලුවොත් දැන් අර ගිණුම බැලන්ස් කරන්ඩ වෙයිනෙ නේ... මම ලබන මාසෙ ඉඳන් බෝඩිමක් හොයාගන්ඩත් එපැයි නේ "

" පිස්සු ද අයියෙ.... මං ඒ දවස්වල තරහෙන් හිටියෙ මට කියපු බලු කතා ටිකට... තනුසෙට ඕනෙ නම් යනවා ඉතින්...මං කියන හින්දා නම් යන්න එපා..."

" වැටෙන වෙලාවෙ අරක දැක්කට පස්සෙ තෝ මම යනවට කැමති නෑ වගේ නේ..."

මම ගෙට හැරිලා බැලුවෙ කවුරු හරි එනවද කියලා...බලු කතාවක් කියනව ගෙදර කාට හරි ඇහුනොත් ඉවරයිනෙ.

" අර එහා ගෙදර බල්ලගෙත් තියෙ ඊට වඩා එකක්.... දැක්කම වශීවෙන්ඩම එක කියලද හිතන් ඉන්නෙ...මම දැක්කෙත් නෑ ...ඒක වෙනම කතාවක්...ඇරත් ඉතින් ඕක ඒතරමට ලොකු නම් කොල්ලෙක් දැක්කම ඔයතරම් හන්ගගන්ඩ හදන්ඩෝනෙ ඈ....අපි නම් හ්න්ගන්නෙ පොඩියට තිබ්බොත් "

" තොගෙ කට අවුස්සගන්නවට වඩා හොඳා මී වදේකට ගලක් ගහලා බලන් ඉන්න එක. කට හරෝ හරෝ කියන්ඩ තියෙන කුප්පම උත්තරේ දෙනවා...වයසට නෙමෙ තෝත් "

" කුප්ප කතා කියන්ඩෝනෙ උන්ට කියනවා...කන් හැන්දෙන් බෙදලා..පොල්කටු හැන්දෙන් බලාපොරොත්තු වෙන්න එපා....ආපු දවසෙ ඉඳන් සීන් එකේනෙ හිටියෙ...අත කැඩුනහමනෙ ලොකුකම අඩු උනේ...දන්නවනම් පළවෙනි දවසෙම අත කඩලා බෝඩිමට ගන්නෙ "

" තෝ වගේ නසරානියෙක් ඉන්නවා කියලා දන්නවනම් මේ බෝඩිමට එන්නෙත්  නෑ..."

" ඉතින් යන එකනෙ ඇත්තෙ..."

" යනවා තමයි...හිටපන්කො"

මම ජොලියට කිව්වට මොකද අයියා ඇත්තටම තදවෙලා නැගිටල උඩ එයාගෙ කාමරේට ගියා....මම ඉතින් පස්සෙන් ගිහින් නවත්තන්න ගියෙ නෑ.

# කලිසමයි මුගෙ අමුඩෙයි ඇඳ උඩ නේද තිබ්බෙ...මුත්‍රා දැවිල්ල කියලා ඇන්දිලා හිටියට මොකද මේකා ඕක නෝට් කලොත් සේරම ඉවරයි. ගිණුම ඉවරයි අරකයි මේකයි කියලා දැන් බබා පාට් දැම්මට මොකද ඕක මාට්ටු උනොත් ඔය යකා මාව සති ගානක් යනකන් මඩවයි...මොකද කරන්නෙ....හිතපන් සුදු අප්පු... ඇඳුම් ටික හෝදලා දෙන්න වගේ පනනගෙන ඕක හෝදලා දැම්මනම් හරි. #

අපි අපේWhere stories live. Discover now