අපි අපේ 8
මාව ඉස්සර කරගෙන අරූ පල්ලම් බැස්සේ පල්ලෙහා තිබ්බ ටැප් එක ළඟට යන්ඩ . මටනම් ඒ උනාට ඌ මට කරපු දේත් එක්ක සෑහෙන්න අවුල් ගිහිල්ලා තිබ්බේ කොයිතරම් මූ ගැන දැනගෙන හිටියත් මගේ කපටි කම් වලටකම් වලට අහුවෙන් නැතුව ඉන්න මට බැරි මට බැරි උනා නේ කියලා මං එක්කම තරහයි....
මං එයාට වැඩිය මුහුණ දීලා කතා කරන්න ගියෙ නෑ. එක ටැප් එක ළඟට ගියේ පුළුවන් උදව්වක් කරනවා කියලා හිතාන." උඹ හෙන ගොනා නේ බං "
" ඒ කිව්වෙ "
" නෑ ඉතිං ඉතිං මීට කලිනුත් අර වගේ වෙලා උඹ තාම මට්ටු වෙලා නෑනේ "
" කොයි වගේද "
" නෑ මං කියන්නේ මං උඹේ කන පොඩ්ඩක් හැපුවා විතරයි...උඹ ගොනා වෙලා ෆෝන් එක අතෑරියා නෙ "
" හරි මං ගොනා කියමුකො . මං හරි ඉක්මනට රැවටෙනවා කියමුකො.... ඒක දැන දැන ඇයි හැමතිස්සෙම ඒකෙන් ප්‍රයෝජන ගන්නෙ.... කවුද එතකොට වැඩිපුර නරක "
" මම කිව්වේ උඹ නරකයි කියලා නෙමෙයිනේ....මම කිව්වේ උඹ වෙලාවට හරි ගොන් කියලා ...."
"කවදාවත් ඉතින් ඒ වගේ දෙයක් අත්දැකීමක් තිබ්බෙ නැතුවහම ... ඒක එහෙම වෙන එක අහන්න දෙයක් නෙමෙයි නේ.... "
" සිරාවටම නෑ..."
" නෑ තමා ...කියවිල්ල පැත්තකින් තියලා මුහුණ හෝදගන්නවා නම් හෝද ගන්න මට තව වැඩ තියෙනවා..."
" තව වැඩ තිබ්බත් ඉතින් ඔයා ආසයි නේ මාත් එක්ක ඉන්න...."
" මේ ඕයි මගේ මුකුත් නාහා හෝදගන්නවා නම් හෝද ගන්නවා ....ආවා මෙතන මගුලක් කියන්න...."
" අඩේ උඹ තරම් අවුල් වෙයි කියලා හිතුවේ නැහැ බං ...සොරි සොරි ඉතිං ඕවා ගණන් ගන්න එපා කොල්ලනේ.... "
" නෑ නෑ නෑ නෑ නෑ කමක් නෑ කිව්වා නෙ "
" උඹට ඒ වගේ හැඟීමක් තියෙනව ද එතකොට "
" ඇයි මම රහත් වෙලා රහත්වෙලා කියලද හිතන් ඉන්නෙ..."
" නෑ බොල මං ඇහුවෙ මං ගැන... මට හිතෙනවා දැන් පරණ දේවල් අතාරින්න කාලෙ හරි කියලා "
ඒකයි ටික කිව්ව විදිහට මට හිතා ගන්න බැරි වුනා.... මම මොකක් කියන්නද කියල හිතාගන්ඩ බැරුව ඒ යකාගෙ මූන දිහා බලාගෙන හිටියා ....

ESTÁS LEYENDO
අපි අපේ
Historia Cortaසුදු අප්පු කියන හිරිමල් වයසෙ ඉන්න දඟකාර සමරිසි චරිතයක් වටා ගෙතුණු , මව් සෙනෙහස, පවුලක ඇති බැඳීම් සහ ආදරණීය පලිගැනීම් ගොඩකට මැදිවෙලා ලියවුණු සමරිසි ආදර කතාවක්.... හිනාවෙන්න බැරි අයට කියවන්න තහනම්....😂