අපි අපේ 4

1.9K 352 127
                                    

මට හිතාගන්න බැරිවුනා ඇටිකුකුළා  ඉල්ලුවේ මොන වගේ උදව්වක් ද කියලා .මම හිතුවෙම සඳුනි අක්කගේ නම්බර් එක ඉල්ලන්න තමයි මේ යකා මේ ලෑස්ති  වන්නේ කියලා.ඒ හින්ද වෙන්නැති මට ඒ තරම්ම තරහ ගියෙ.
සමහරවිට මට ඕනඋනේ  අයියව යවාගන්න නෙමෙයි ද? ඒ උනාට ඉතින් කොහොමද ඒ වගේ වදකයෙක්ව බෝඩිමේ තියාගන්නෙ.

" හරි දැන් මොකක්ද ඕන උදවුව ?"

" අපෝ....පොල්ලෙන් ගැහුව වගේ අහන්න නැතුව අහනවකො ටිකක් මනුස්සකමින් "

" හහ්....මනුස්සකමින් ? , ඔයා මට හරි මනුස්සකමින් සලකනවා නෙ නේ ?"

" ඒවා ඉතින් තොගේ මා පෙර වැරදි නෙ  "

" එහෙනම් ඉතින්  ඔයා නිවැරදි කාරයෙක් ගෙන් ම මේ උදව් ගන්න එකයි ඇත්තෙ "

" නෑ නෑ නෑ එහෙම එකක් නැහැ පුළුවන්ද කියනවකො "

" මොකක්ද ?"

" මට මනෝරි ඇන්ටි එක පාරට  එහෙම ආපුහාම බෑ කියන්නත් බෑ .. ඒ උනාට මට ඒ වගේ දෙයක් ඕනෙත් නෑ ඒ නිසා තමුසෙගෙ දහං ගැටවලින් මොකක් හරි දාලා ඒක නවත්තගන්න පුළුවන් නං හෙල්ප් එකක් දෙනවකො "

"හෑ තමුසේ එතකොට අර සුරංගනාවියක් වගේ ඉන්න සඳුනි අක්කට කැමති නැද්ද "

"පිස්සුද ඕයි ....තමුසේ දන්නෑ වගේ කතා කරන්නෙ...මම කැමති නෑ....උඹලගෙ අම්මත් සෙට් කරන්නෙ මාර මරාලනෙ...බලපන්කො ඒකිගෙ ලස්සන අනික..."

" දැන් එතකොට ලස්සන ද ප්‍රශ්නෙ....අපරාදෙනෙ...ඒ තරම් ලස්සන කෙල්ලෙකුත් එපා කියනවද...හාකො හාකො ...හරි...මම වැඩේ නවත්තලා දෙන්නං...මට අර මගුල් ගිණුමෙද මොකේද එකේ ඍණ පැත්තට පන්සීයක් ඕනේ..."

" ආපු... පන්සීයක් දෙන්න බැ .... ඒක හෙන අසාධාරණයි . ඔන්නම් තුන් සියයක් දාලා දෙන්නම්"

" හරි එහෙනම් මට කීයක් වත් ඕනෙ නෑ ඔයා එන විදිහට වැඩේ බලා ගන්ඩ ...අපේ අම්මගෙ හැටි ඔයා දන්නෙ නෑ...තට්ටයෙක්ට පනාවක් උනත් විකුනයි... කෙල්ලෙක් නෑ කිව්ව එකේ දැන් ඉන්නවා කියන්නත් බෑ නෙ...කොහොමත් අම්මා ලබන සතියේ දිහාක එයාලට එන්ඩ කියයි මෙහෙ....මට කමක් නෑ..."

" මේක මහා මගුලෙ බෝඩිමක් නෙ...යකෝ සල්ලි දීලා බෝඩිං වෙලා ඉන්නවා මදිවට තව එයාලගේ දුවලා කසාද බඳින්න ඕනේ ...යකාගෙ මගුල් මේවා "

අපි අපේWhere stories live. Discover now