අපි අපේ 9
මට රව රවා බෝඩිමට ගිහිල්ලා මූණ පිහදාගෙන අයියා අපිත් එක්ක කෑම කන්න ආවා. මායි තාත්තයි වාඩිවෙලා හිටියෙ අයියා එනකං. අයියා ආවට පස්සෙ අපි කෑම බෙදාගෙන කන්න පටන් ගත්තා.
ඉඳියාප්පයි.... කූනිස්සෝයි කොච්චි දාපු පොල් මැල්ලුමයි ... සුද්දට හදපු අල කිරි හොද්දයි... පොලොස් ඇඹුලයි .... අපි කන්න පටන් ගත්තට පස්සේ අම්මා අපි හැමෝටම ඉඟුරු දාපු ප්ලේන්ටි අරගෙන ආවා. අර වගේ කෑම ටිකක් කාලා ඉඟුරු දාපු ප්ලේන්ටියක් බොන එකේ තියෙන ගැම්ම ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ .
" ඇන්ටි කන් නැද්ද "
අම්මා කෑවද නැද්ද බලන එක මටත් කලින් මතක් උනේ උනේ අර ඇටි කුකුලාට.
" පුතාලා කන්ඩකෝ මට ඉතින් ඔය ටික පිහලා අස්කරලා දාලා ම කන එක තමා ලේසියි ... "
" ඇන්ටි මං දෙයක් කියන්නද....මේ අවුරුදු විසි ගානට මං ඉදියාප්ප කාලා ඇති මම ඕනතරම් තැන්වලින්... දෙයියනේ ඒ උනාට මේ ව්‍යාංජන ටිකේ රහ... "
" අමුතු රහක් නෑ ළමයෝ කොහොමත් දානමාන දෙන්න හදන කෑම රහ වෙනවාලු නේ . මොකද අපි ගොඩක් පිරිසිදු හිතිං හදන හින්දා... "
" ඔව් ඉතින් ඒකත් හේතුවක් වෙන්න ඇති...නැන්දගෙ කොට කෑම ඕඩර් එහෙම කරන්නෙ නැද්ද... ?"
" අවුරුදු කාලෙට ඉතින් ඔය කැවුම් ඕඩර් නම් කරනවා... ආයෙ ඉතින් අහල පහල කවුරු හරි කිව්වොත් කිරි දාන වලට අරකයි මේකයි එහෙම හදනවා.... කාගෙහරි උවමනාවක් තිබ්බත් ඉතිං ගිහිල්ලා උයන්න උදව් වෙනවා"
" මං අර කතා ගැහුවෙ ඇයි කියලා නැද්ද දන්නවද "
කතාව මැදට පනින් නැතුව කටවහන් ඉන්න එක හරි මදි පුංචිකමක් වගේ තුන් එන්න මාත් ඉතින් ඔහෙ කටට ආපු එකක් කියලා දැම්මා
" හිතේ තියන් නොකියන්නෙ වදන ගන්න අපේ අම්මට දිව්‍ය ඥාන පහළ වෙලා නෑනේ....අරක කිව්වා වගේ ඒකත් කිව්වා නම් නෙ හොඳ "
අම්මා ඒවලෙත් ගත්තේ අර ඇටිකුකුලාගේ පැත්ත.
" ඈ බන් සුදු අප්පු...උඹටත් එකට එක කතාවක් නොකියම ඉන්ඩ බැරි හැටි.... මොකද්ද පුතේ ඔයා කිව්වෙ..."
YOU ARE READING
අපි අපේ
Short Storyසුදු අප්පු කියන හිරිමල් වයසෙ ඉන්න දඟකාර සමරිසි චරිතයක් වටා ගෙතුණු , මව් සෙනෙහස, පවුලක ඇති බැඳීම් සහ ආදරණීය පලිගැනීම් ගොඩකට මැදිවෙලා ලියවුණු සමරිසි ආදර කතාවක්.... හිනාවෙන්න බැරි අයට කියවන්න තහනම්....😂