අපි අපේ 5
එදා රෑ මට ගොඩක් රෑ වෙනකන් නින්ද ගියෙ නැති තරම්...සැරින් සැරේ මතක් වෙනවා පහුවදාට අරූට මොනවාගෙ දෙයක් වෙයිද කියලා... නින්දයාගෙන් එද්දි හදිස්සියෙ වගේ මතක් උනේ ඒ යකාගෙ ගිණුමෙ බැලන්ස් එක මොකක් වෙලා ඇද්ද දන්නෑ කියලා.... දන පැත්තට තිබ්බෙ 1100 යි...මම රින පැත්තට ආපු දේවල් එකින් එක ගැන්නා...
# බෝඩිම හොයලා දුන්න එකටයි..මට කිව්ව කැත කතා ටිකටයි දැම්මෙ හාරසීයක් ...රෙදි හේදුවා....රෙදි මැද්දා ඒකට සීයයි....යකෝ මගුල ශේප් කරලා දුන්න එකට ප්න්සීය ආවා කියන්නෙ දාහයි....හරියට බැලුවොත් කෑම ඇද්ද ඒවටත් කීයක් හරි එන්න එපැයි...ඒකියන්නෙ මේක ක්ලෝස් වෙන්න් ලගයි...හරි ඇටිකුකුලො....හෙටින් පස්සෙ බලාගනිම් මගෙ හැටි...ඊට පස්සෙ මම නිදහස්.... ඒකියන්නෙ ඌට යන්න කියනවද....එහෙම කියන්නත් මොකද්ද වගේ ඉතින්....හිතපු තරම් මේ යකා නරකමත් නෑ....පොඩ්ඩක් පඬි කම වැඩී....ඒත් ඉතින් යන්න කියන්නම ඕනෙ නෑ නෙ...පොඩ්ඩ්ක් සැර කරලා උනත් හදාගන්න බැරි නෑ...බලමුකො ඉතින්...."
මම නැගිට්ටෙ එලාම් එකේ සද්දෙට. උදේ 7 වෙලා තිබ්බා...මම කට විතරක් හෝදන්.....මම පුළුවන් ඉක්ම්නට එලියට ගියෙ අර ඇටිකුකුළා වැඩට ගිහින් ද බලන්න....නෑ නෑ...බයික් එක මිදුලෙ තිබ්බා....උඩ බෝඩිම් කාමරේ දිහා බැලුවම දැක්කෙ ඇඳුම් ඇඳගෙන සපත්තු දාලා නැතුව කාට හරි කෝල් එකක් ගන්නවා...කෝල් එක ගන්න ගමන් සැරින් සැරේ මල්ලි ඉන්න පොට් එක තියෙන හරියෙන් කලිසම අදිනවා....කකුල් ඈත් කරනවා මං දැක්කා.... ඒ සීන් එක ළඟට බලාගන්න තිබ්බා නම් හොඳා කියලා හිත හිත ඉන්නකොට තමා අම්මා බත්මුල ගෙනිහින් දෙන්න කියලා කෑගැහුවෙ.... ඉබ්බා දියට් දැම්මාම ඇන්නෑවෙ කිව්ව කියලා මාත් බත් එක අරගන්න කුස්සියට ගියා...උඩ බෝඩිමට නගින්නන බලද්දී දැක්කෙ ඇටිකුකුළා ඇතුලට ගිහින් කියලා.... මම බත් එක අරන් උඩට නැග්ගා...දොර වහලා නොතිබ්බ නිසා මම කතා නොකරම ඇතුලට ගියා ..ඒ යනකොට අර ඇටිකුකුලා ටවල් එකක් ඇඳගෙන උගෙ අමුඩෙ අතට අරන් ඉන්නවා...කලිසම ගලවලා ඇඳ උඩ දාලා තිබ්බා...මම කතා නොකර ගිය නිසා මම යනවා දැක්කෙ නෑ...
" ආ...තාම ලෑස්ති වෙනවද ?"
" කොයි වෙලාවෙද තමුසෙ ආවෙ"

YOU ARE READING
අපි අපේ
Short Storyසුදු අප්පු කියන හිරිමල් වයසෙ ඉන්න දඟකාර සමරිසි චරිතයක් වටා ගෙතුණු , මව් සෙනෙහස, පවුලක ඇති බැඳීම් සහ ආදරණීය පලිගැනීම් ගොඩකට මැදිවෙලා ලියවුණු සමරිසි ආදර කතාවක්.... හිනාවෙන්න බැරි අයට කියවන්න තහනම්....😂