අපි අපේ 7

2.8K 474 71
                                    

අපි අපෙ 7

දවස් ගෙවිලා ගියේ ඒ විදිහට , ඕනම තරගයක් හොඳ විදිහට තරග කරන්න පුළුවන් වෙන්නේ හොඳ ප්‍රතිවාදියෙක් හම්බුනොත් විතරයි.ඒත් ඉතිං එදයින් පස්සේ අයියා මගෙත් එක්ක එකට එක එක වචනයක් වත් කිව්වෙ නෑ. ඒ මගෙන් යට සැරෙන් සැරේ උදව් ගන්ඩ වෙලා තිබ්බ නිසා එයා ඒ ගැන හිටිය හරි කණගාටුවෙන්. මම පරණ දෙයක් මතක් කරලා මොනවා හරි කිව්වත් , එයාගෙන් හම්බුනේ පොඩි උත්තරයක්

" අනේ විකාර නැතුව ඉඳපන් "

මට ඒ උනාට හිතේ හරි දෙගිඩියාවක් තිබ්බා මොකද අයියාගේ අතට ඒ දේ උනේ මම දුරදිග බලන් නැතුව කරපු වැඩේ හින්දා කියලා.

# දැන් මෙතන පූස් පැටිය වගේ මට දෙකට නැමී නැමී ගෙන හිටියට බැරිවෙලා හරි මෙයා දැනගත්තොත් මේ වැඩේ සේරම වග කියන්න ඕනෙ මම කියලා බලාගන්න පුළුවන් පූසා කොටියා වෙන ලස්සන.... ඒ නිසා සුදු අප්පු... කොච්චර අහිංසක මුහුණ දාගෙන හිටියත් ඔය දේ කියන්නැතුව ඉඳපන් #

මට අයි ටී කෝස් එකට යන්න තිබ්බ දවසේ උදේ මම ගිහිල්ලා දවල් වෙලා ගෙදර ආවා. එදා ඉතින් කෑම ඩියුටිය මට නෙමෙයිනේ බාර. අම්මටත් උඩට නගින්නයි පල්ලෙහාට බහින්නයි වද දෙන්න බැරි හින්දාද කොහෙද අයිය දවල්ට කන්න පල්ලෙහාට ඇවිල්ල හිටිය.

"ආ.....මේ සඳළු තලෙන් බිමට බැහැලා තියෙන්නෙ කුමාරයා ...මොකක් දන්නෑ වෙලා තියෙන්නේ "

" ඕන්....පටන් ගත්තා ගෙට ගොඩ වෙද්දිම මේ අහිංසක කොල්ලට මොකක් හරි කියන් ගොඩ වෙන්නේ. නාල කරලා ඇඳුම් මාරුකරලා කාල හිටපන්. "

" යකෝ දැන් බැනුම් අහන්න කවුරුවත් ඒවට උත්තර දෙන්න කවුරුවත් අන්තිමට මෙතැන පිට මනුස්ස වෙලා තියෙන්නෙ මම "

" ඕං කිව්වා කතාවක් "

මම යන්තමට වගේ රවාගෙන ගෙට ගිහිල්ලා ඇඳුම් මාරු කරගෙන ඇඟ පොඩ්ඩක් හෝදගත්තෙ ,ආපහු රස්නෙ හින්දා හවසට නානවා කියලා හිතාගෙන .

කුස්සියට ගිහිල්ලා කෑම මේසේ කූඩෙ ඇරලා බැලුවේ කන්න මොනවද දවල්ට උයලා තිබ්බෙ කියලා බලන්න කියලා... ඒ තරම් බඩගින්නේ හිටියෙ. කවදාවත් අපේ ගෙදර පරිප්පු වැරදුනේ නෑ ...පරිප්පුවත් එක්ක පැසන් කොල සම්බෝලෙකුයි හාල්මැස්සො බැඳලයි ...නෙළුම් අල මාලුවකුයි උයල තිබ්බා මම ආසම දේවල් ටික එක පොකුරකට කියනකොට තත්පරයක්වත් පරක්කු වුනේ නැහැ ,අනිත් අය කවුද කෑවේ කව්ද කෑවෙ නැත්තෙ කියලවත් හෙව්වෙ නෑ බඩගිනි හින්දා හොඳට කෑවා.... කෑම එක අරන් ඉස්සරහත් නොගියේ අම්මයි  තාත්තයි අර ඇටිකුකුලත් එක්ක සතුටු සාමීචියක හිටිය හින්දා...

අපි අපේNơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ