අපි අපේ 11
බස් එකකට නැගලා වීදියවත්ත ට එනකන් මට නොසෑහෙන්න තරම් දේවල් කල්පනා උනා... මම වැඩ කලේ කිසිම වගකීමක් නොගත්ත එකෙක් ගානට කියලා මට ම බැනගත්ත වාර එමටයි... හිතෙන් මම මං ගැනම නඩු ඇහුවා... පැම්ණිල්ලත් මම...විත්තියත් මම.... නඩුව අහන්නෙත් මම....වැරදිකාරයත් මම.... පුළුවන් තරම් ඉක්මනට රස්සාවක් හොයාගන්න ඕනෙ කියන අදහස හිතේ යට නොයා තිබ්බ එකක්..මේ දේවල් නිසාඒක පෑරි පෑරි උඩට ආවේ ආයෙම ඒලෙවල් කරනව කියලා හිතේ ලාවට තිබ්බ හීනයක් විසි වෙන්නම තල්ලු කරලා දාන ගමන්....
වීදියවත්තෙන් බැහැලා පයින් මම ගෙදර ට යනකොට අටට කිට්ටු කරලා...තාත්තා ඉස්සරහට වෙලා බලා හිටියා..
" මොකෝ පයින්...කෝ අර දරුවා.."
" බයිසිකලේ කැඩිලා කියලා හදන්න ගියා....ඒ මගුලත් මේ අල්ලපනල්ලේ ම කැඩුනනෙ..."
" වීල් එක උනත් තියෙන්නෙ යනවනම්...අර දරුවට එලවන්ට හැකිනෙ...දොස්තරලා මොකෝ කියන්නෙ සුදු අප්පු..."
" මන්දා..."
" මන්දා කියන්නෙ...උඹ මිසී කෙනෙක් ගෙන් හරි දොස්තර මහත්තයෙක් හරි හම්බෙලා අම්මට මොකෝ කියලා ඇහුවෙ නැද්ද ?"
" නෑ....ලොකු අම්මා ඇවිල්ලා හිටියා..."
" අනේමන්දා බන් උඹත්...ඉස්පිරිතාලෙ ලෙඩෙක් බලන්ඩ යනවා කියන්නෙ ඕන් ආවා මේන් බැලුවා කියලා එන එක නෙමේ සුදු අප්පු... මහත්තයෙක් හරි මිසී කෙනෙක් හරි අල්ලගෙන ඒක දැනගන්න ඕනෙ...බැරි ගාතෙ හරි මට ඉස්පිරිතාලෙට යන්න තිබ්බෙ...දවාලෙට මම වත් ගිහින් එනවා...මෙහෙම ඉඳලා බෑ... "
" මම මහ නිකමෙක් නේද තාත්තෙ ?"
.
" ඕන්න් කිව්වා එකක්...උලව්වක් කියන් හිත් රිදෝගන්ඩ නෙමේ..මින් මත්තට හරි එහෙම පුරුදු වෙයන්...සීතා නංගි ඇවිල්ල මට කතා කරලා ගෙදර ගියෙ...ඒකිත් ලොකු විස්තරයක් දන්නෙ නෑ...පරීස්සන කොරනව තාම කියලා ගියෙ... "" ලොකු අම්මට කතා කරලා බලමුද..."
" එයැයි ආවේ උදේනේ...හරි හැටි විස්තරයක් නොදන්නවා ඇති...ඉඳකිං...මට මේ එහාට මෙහාට යාගන්ඩ බැරි වුනානෙ බං... මේ වගේ වෙලාවට තමා මෙහෙම ඉන්නවට වඩා මැරුනා න්ම් හොඳා කියලා හිතෙන්නෙ... "
YOU ARE READING
අපි අපේ
Short Storyසුදු අප්පු කියන හිරිමල් වයසෙ ඉන්න දඟකාර සමරිසි චරිතයක් වටා ගෙතුණු , මව් සෙනෙහස, පවුලක ඇති බැඳීම් සහ ආදරණීය පලිගැනීම් ගොඩකට මැදිවෙලා ලියවුණු සමරිසි ආදර කතාවක්.... හිනාවෙන්න බැරි අයට කියවන්න තහනම්....😂