මල් කැඩීම 😂~

181 55 58
                                    


'ලමායි තේ බොන්න එන්න..අද මං රත්ති කිරි හැදුවේ'

'රත්ති......මට අප්පිරියයි ඕයි නම්ජුන් නැද්ද නෙස්ප්‍රේ කිරි තේකක් '

'නෙස්ප්‍රේ..අනේ මගෙන් මුකුත් අහගන්නෙ නැතුව බීපන් මේක'

'බෑ බෑ'

'බීමන් නුවනක්කාර අය බොන්නෙම රත්ති'

නම්ජුන් ජින්ගෙ අතට කිරි එක දීලා කුකීව ඇහැරවන්න ගියා.

'කුකී බන්ඩිය පුරවගන්න එන්න කෝ කොල්ලො'

'සුවර් එකටම ඌ දොට්ට පිලට යන්න ඇති' හොබී නම්ජුන්ට එකතු උනා.

' ඌ කොහෙ යන්නද මෙහෙ වතුර නෑ... එහා ගෙදර සමන්තගෙන් වතුර බාල්දියක් ඉල්ලගත්තේ'

'සිරාවට අපෝ මෙහෙට වතුර එන්නෙත් නැද්ද'

'ඔව් බම් අද නාගන්න වෙන්නෑ මන් හිටියෙ සුගාව අදවත් නාවලා ගන්න'

'හ්ම්ම් එකනේ බන් අර සිඩ්නි නාන්න යනවා මං දැක්කනේ '

'මොකා උබ කෙල්ලො නාන්න යනවා බලනවද'

'නෑ මෝල්ද බම් ඒකි උදෙන්ම තුවායක් අරගෙන ගියා '

'ආ ඒක මිසක්..කුකියා නෑ නේ බම්'

නම්ජුන් හොබී එක්ක ටේගෙ කාමරේට ගියා.

'අඩෝ බොක්ක කුකීව දැක්කද?'

'නෑ බම් මං උදේ ඇහැරෙනකොට හිටියෙ නෑ....කොහෙ ගිහින්ද මන්දා'

'මොකෝ බන් සීන් එක' ඕන් ජිමිනත් කතාවට සෙට් උනා.

'කුකී නෑ බම්'

'ආ මං දැක්කා ඌ සිඩ්නිගෙ කාමරේ ඉන්නවා'

'මොකා..මොකා'

'මොකා'

'මොකා කාමරේ'

'ඔව් ඇයි..හත්තිලව්වෙ මට දැන් මීටර් උනේ ඌ මොකෑ ඒ කාමරේ කරන්නෙ වල් ගෙම්බා'

'යමු බලන්න'

'ඌ සිඩ්නිත් එක්ක නානවද දන්නෑ'

'අවකැපෙන කතාකියන්න එපා බම්ලෝ'

සැට් එකම කාමරේට ගියා. ඇතුලෙන් පොඩි සද්ද වගේකුත් ඇහෙනවා. ටේ හිමීට කන දාලා බැලුවා.

'ඔයා එහෙම දේවල් කරලා තියේද'

'තාම නම් නෑ'

'මං නම් කරා'

'කාත් එක්කද😁?'

'ටේ එක්ක'

'අපෝ එයාද බෝරින්ග් නැද්ද🙄?'

'නෑ එයා ශෝක් එකට කෝම්පිට්ටු හදනවා..මං තමා වැලි ගෙනත් දෙන්නෙ'

'මං පොඩි කාලෙ කරලා තියෙනවා ඕවා දැන් වෙලාවක් නෑ.'

ටේ විස්තර අනිත් අයටත් කියනවා. දඩිං බිඩිං ඩොං ටේ පය ලිස්සා කාමරේ ඇතුලට වැටුනා.


😁🤣😲🙄???

You've reached the end of published parts.

⏰ Last updated: Sep 24, 2021 ⏰

Add this story to your Library to get notified about new parts!

😂බෝර්ඩින්ග් ගෙදර😂 | BTS FANFICTION 😉|Where stories live. Discover now