Chapter 03

117 17 33
                                    

Anna pov

- "ආනා නැගිටින්නකෝ. අනේ නැගිටල මේක බීල නිදා ගන්නකො. ආනා අනේ නැගිටින්නකෝ"

ඔන්න ඉතින් එමියා ආයෙත් වද දෙන්න ආවා. එමීගෙ කන්කලු වොයිස් එක දරාගන්න බැරි නිසාම මම කොට්ටයක් අස්සට ඔලුව ඔබාගෙන නිදාගෙන හිටියෙ. දැන් ආයෙ එමියා වද දෙන්න පටන් ගත්තා.

- "අනේ නැගිටින්නකෝ. මේකෙන් ටිකක් හරි බීල නිදා ගන්නවකො. ඔය බලනවකො. හොදටම උනනෙ. හොස්පිට්ල් එකට යන්නත් ඕනෙ නැගිටිනවකො. මෝඩයෝ.."

"අනේ බෑ මට ටිකක් නිදාගන්න දෙන්න. එතකොට උන අඩු වෙයි"

- "බලනවා තමුසෙට හරියට කතා කරගන්නවත් බෑ. ඊයෙ ඉදන් මුකුත් කාලා නෑනේද? නැගිටිනවා දැන්වත් මගෙ යකා අවුස්සගන් නැතුව. මං අද ගෙදර හිටියෙත් තමුන් හින්දා නේද?"

"මට බෑ. බෑ කියල කිව්වනෙ. මෙතනට bts ල ආවත් මම නැගිටින් නෑ නෑමයි"

- "එතකොට txt ල ආවොත්"

"තමුසෙ මාව විහිලුවකට ගත්තද?" මම එහෙම කිව්වෙ මූණ වහන් තිබ්බ කොට්ටෙත් පැත්තකට විසි කරන ගමන්මයි.

"ක..කායි ඔයා"

- "ඔව් කායි තමා. ඇයි මොකද ?"
කායි එහෙම කියනකො⁣ට එමියා හිමීට සුප් එක මේසෙ උඩින් තියල මෙතනින් පැන ගත්තා.

"කායි ඔයා මොකද මෙහෙ කරන්නෙ, කොයි වෙලාවෙද ආවේ"

- "මට ඕනෙ හින්ද මං ආවා. ටිකකට කලින් ආවෙ ඇයි මොකද?"

"ඔයා තනියෙන්ද ආවෙ ?"

- "මේ ඔයාගෙ ඔය ප්‍රශ්න පස්සෙ අහන්න. ඔයාට කොහොමද දැන් ?"

"හො..හොඳයි"
මට ඒක කියල ඉවර කරගන්න හම්බුනෙත් නෑ කායි එයාගෙ එක අතක් මගෙ නලළෙන් තිබ්බා.

මේ මොන මගුලක්ද සාන්ත මේ වෙන්න යන්නේ. මෙයා කෝමද මෙතනට ආවෙ. මෙයා මොකද මේ අමුතු විදිහට හැසිරෙන්නේ. මට හිතෙන්නෙ මට තියෙනවට වඩා ලෙඩක් එයාට තියෙනවාද කොහෙද. මෙන්න මේ මනුස්සයා දැන් මට අර සුප් එක පොවන්න හදනවා. අනේ කායිගෙ ඔලුව වැදිලද මන්දා. යස අගේට හිටපු මනුස්සයාට මොකක්ද මේ එකපාරටම වුණේ.

_____________________________________

Kai pov

මාව දැක්ක වෙලේ ඉදන් මෙයා මං දිහා බලන් ඉන්නෙ මං එයාව මරන්න ඇවිත් ඉන්නවා වගේ. මං ඒ හොල්මනට බලෙන්ම සුප් එක පොවල ටික වෙලාවක් ගියාට පස්සෙ කෙල්ලට හොදටම නින්ද ගිය නිසා මං එළියට එනකොටත් හ්යොංලා එයාගෙ යාලුවත් එක්ක කතා කර කර හිටියෙ. හොල්මනගෙ යාලුව කිව්ව එයාව හවසට හොස්පිට්ල් එකට එක්කන් යනව කියලා. අපිට පරක්කු වෙන නිසා අපි ඉක්මනට ආපහු dorm එකට ආවා.

Destiny [Completed]Where stories live. Discover now