Chapter 14

85 12 45
                                    

Kai pov

මම වොශ් එකක් දාන් එනකොට ආනා ඇඳ උඩට නැගලා කෑ ගහ ගහ සින්දු කියනවා. මොන විකාරයක්ද මන්දා. පුදුම වදයක්නෙ මේකගෙන් තියෙන්නෙ.

- "Billy billy poco pilly poco yeah
Billy billy poco billy poco max chris 🎵
ඕයේ කැරකිල දෙකට නැමිලා 🎵
Tto mulborareul ireukyeo
Da-da-da-da, da-da-da-da-da-da 🎵"

"නවත්තනවා ඕක. බහිනවා ඔතනින් බිමට"

- "ආ කායි ඔයා ආවද. මේ අහන්නකො ඔන්න මම ඇඳ ගානට දෙකට බෙදුවා. මේ කොට්ට ටිකෙන් එහා පැත්ත ඔයාගෙ. එතකොට මේ පැත්ත මගෙ. මේක තමා දේශසීමාව"

"මොකක්ද ? හොද හිතින් කියන්නෙ යනවා සෝෆා එකට"

- "අනේ කායි ඒකෙ ඉඩ නෑනෙ අප්පා. ඔයාට මෙතන ඕන තරම් ඉඩ තියෙන්නෙ. අනේ කායි මටත්.."

"වාහනේ නිදාගත්ත මනුස්සයාට ඔතන ඉන්න බැයිද ?"

- "ඒකෙ හොදට ඉඩ තිබ්බනෙ අනේ"

"හරි, තමුසෙට pregnant වෙන්න ඕනෙ නම් මෙතන ඉන්නවා"

- "මො..මොකක්ද ඒ කතාවෙ ආ නෑ කායි මම මේ කියන්න හැදුවෙ මම කැමතිම සෝෆා එකට. නිකමට වගේ ඔයාගෙන් ඇහුවෙ ඉතින් මෙතන ඉන්න දෙනවද කියල. හී.."

ආනා සෝෆා එකට ගියාට පස්සෙ නෝරට කෝල් කරන්නත් ඕනෙ නිසා මම ෆෝන් එකත් අරන් එළියට ආවා.

Kai pov end
_____________________________________

කායි ආයෙත් කාමරේට යනකොට ආනා molang වත් තුරුල් කරගෙන සෝෆා එකට වෙලා හොදටම නිදි. සෝෆා එක ළගට ගියාට පස්සෙ තමයි කායිට මතක් වුනේ එයා නෝරා එක්ක කතා කර කර ඉන්න වෙලාවෙ ආනාගෙන් මැසේජ් එකක් ආවා කියල. ඒ වෙලාවෙ ඒක open කරල බලන්න බැරි වුන නිසා කායි ඉක්මනට ෆෝන් එක අරන් ඒ මැසේජ් එක කියෙව්වා.

- "කායි අනේ මම ඔයාගෙ hoodie එකක් ගත්තා. අනේ මියානේ. දැන් ඉතින් ඕකට මට බැන බැන ඉන්නෙ නැතුව දොයිය ගන්න හොදේ. චල්චායෝ කායි"

"මොකක් ඔව්මයි මේක මගෙ එකක්නෙ. මට කියලවත් නෙමේ ගත්තෙ. අනේ මන්ද මහ පුදුම කෙල්ලෙක්. ඒ මදිවට කන්නෙත් නැතුවනෙ නිදාගෙන තියෙන්නෙ"

කායි මුකුත් කියන් නැතුව කෙල්ල දිහා ටිකක් වෙලා බලාගෙන හිටියා. කෙල්ල පුංචි හා පැටියෙක් වගේ නිදාගෙන ඉන්න විදිහ දැක්කම කායිගෙ හිතේ කෙල්ල ගැන තරහක් තිබ්බ නම් ඒ තරහ ටික වෙලාවකට හරි නැති වෙලා යන්න ඇති.

Destiny [Completed]Where stories live. Discover now