Chapter 08

92 15 31
                                    

Next Day

Anna pov

- "ආනා කායි ආවා"

ඒ වචන ටික ඇහුනා විතරයි මම living room එකට දුවගෙන ගියා. කායි ඇවිත් හිටියෙ නෝරාත් එක්ක. කායි මොනවද එයත් එක්ක කරන්නෙ.

Sb - "කොහෙද මනුස්සයො ගිහින් හිටියෙ ?"

Kai - "හ්යොං ඔයාලට මම ඒ දේවල් වෙන වෙලාවක කියන්නම්. මොකක්ද අනේ ඕගොල්ලොන්ට මතක නැද්ද අද මගෙ බර්ත් ඩේ එක කියල"

මේ යකාව surprise කරන්න ගිහින් අපි තමා surprise වුනේ. විශේෂයෙන්ම මම. මෙයා මොනවාද අරයත් එක්ක කරන්නෙ.

Yn - "කායි එතකොට කවුද මේ" Yeonjun ඔප්පා එහෙම කිව්වෙ නෝරා දිහා බලාගෙන.

Kai - "හ්යොං මේ නෝරා. ආනාත් මෙයා ගැන දන්නවා. එමීගෙ යාලුවෙක්. තව එයා, නෑ එක්කො මම පස්සෙ කියන්නම් මම මෙයත් එක්ක ආවෙ ඇයි කියල"

Yn - "කායි මට ඔයත් එක්ක තනියම කතා කරන්න ඕනෙ. මේ දැන් ම" Yeonjun ඔප්පා එහෙම කියලා කායි මුකුත් කියන්නත් කලින් ම ගාර්ඩ්න් එක පැත්තට ගිය නිසා, කායිත් එයාගෙ පිටිපස්සෙන් ම ගාර්ඩ්න් එක පැත්තට ගියා.

කායි ඊයෙ රෑ හිටියෙ නෝරාත් එක්ක ද දන්නෙ නෑ. ඊයෙ රෑ කායි කතා කරපු වෙලේ කතා කරනවා ඇහුන කෙල්ල නෝරා කියලා මට හිතෙනවා. මගෙ හිතට ඉරිසියාවක්, තරහක් වගේ ම දුකක් දැනෙද්දි මම කාමරේට ගිහින් දොර වහගත්තා.

Bm - "ආනා ඔයා ඇතුළෙ ඉන්නවා නේද? මොකද මෙතන කරන්නෙ. Party එකට එන්නෙ නැද්ද ඔයා ?"

"මගෙ ඔලුව ටිකක් රිදෙනවා. මම මෙහෙන් ඉන්නම්. මට සමාවෙන්න මට එන්න විදිහක් නෑ"

එයා කොච්චර එන්න කිව්වත් මම කාමරෙන් එළියට ගියෙ නෑ. එයා මට බෙහෙත් ගෙනත් දෙන්න හැදුවත්, මම කිව්වා මට ටික වෙලාවක් නිදාගන්න දෙන්න කියලා.

කායි අද දවසෙ ම මාත් එක්ක වචනයක්වත් කතා කරේ නැති නිසා මම ටිකක් රෑ වුණාට පස්සෙ එයාව හම්බෙන්න යනකොට එයා ගාර්ඩ්න් එකේ ඉන්නවා ඈතට දැක්කා. මම ටිකක් ඉස්සරහට යනකොට කායි හිටිය තැනට නෝරා ආවා. ඒ නිසා මම තව අඩියක්වත් ඉස්සරහට යන්නෙ නැතුව එතනම නැවතුණා.

මං දැක්කා කායි ළග එයා එදා ගත්ත necklace එක තියෙනවා. එයා ඒ necklace එක නෝරාගෙ කරට දාල එයාව kiss කරා.

Destiny [Completed]Where stories live. Discover now