Part 07

359 118 26
                                    

Secret

Chapter 7

" සුභ රාත්‍රියක් "

" ඔ..බ..ටත් "

වචන පිටවෙන්නේත් නෑ වගේ. ගොත ගගහ කියලා මන් හැන්බොක් එකත් අත් දෙකෙන්ම පොඩි කරන් වෙවුලන කකුල් වලින් අඩි තිය තිය කුටිය දිහාට හැරිලා ඉස්සරහට ගියා.

ඒත් ඒත් මගේ පපුව රිදෙනවා වගේනේ.. මොකක් හ‍රි හිර වෙලා වගේ. ඔලුවත් කැරකෙනවා.. මොකක්ද යකෝ මේ වෙන්නේ කියලා මන් පපුව දිහා බලද්දී මට වේදනාවෙන් කෑගැස්සුනේ කොහෙන්දෝ ආපු ඊතලයක්‌ මගේ පපුවට ඇවිත් වැදිලා තිබ්බ නිසා..

"ආහ්හ්හ්හ් "

"සාෂාෂාෂාෂා "

ස්ටෝබෙරියා මන් ගාවට දුවන් එද්දිම මම කකුල් පණ නැතුව ඇදගෙන වැටෙන්න ගියත් මන් බිමට නොවැටී බේරුනේ ස්ටෝබෙරියා මාව අල්ල ගත්තු නිසා.

"ට්.. ටේ.. ම්.. මට ය.. න්න.. ත්.. තව........."

ටේ මට යන්න තව කල් තියෙනවා කියන්න ඕනේ වුනත් මට කියාගන්න බැරි වුනා. වටපිටාව අදුරු වෙලා මගේ ඇස් පියවෙද්දී මට පෙනුනේ මන් දිහා කඳුළු පුරවන් බලන් ඉන්න ටේව විතරයි...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
"අන්ද්වේඒඑඑඑඑ "

මන් කෑගහන් නැගිට්ටා.වටපිටාව බලද්දී මන් දැක්කේ මයේ අලුත් කුටිය. Oh god මන් තාම ජෝසන් වලමයි.උදෙත් වෙලා යකොව් දැන්

"ඔහ්හ් ෂිට් හීනයක්.. අනේ ඔම්මා..මට බෑ හ්හ්හ්... "

නළලට වැටිලා තිබ්බ දාඩිය ටිකත් පිහිදන් ඔලුවටත් අතක් තියන් මන් කල්පනා කලේ ඊයේ වුණ දේ.

ඊයේ මන් එන්න එද්දී මට ඉස්සරහට යන්න නොදී මාව එහෙම්ම පිටිපස්සට ඇදිලා ගියේ කවුදෝ මගේ අතින් ඇද්ද නිසා. මන් ඇස් ඇරලා බලද්දී මන් හිටියේ ස්ටෝබෙරියගේ පපුවට තුරුල් වෙලා. ඒත් කට්ටිය හැමෝම බයේ කෑගහනවා. ස්ටෝබෙරියාත් වෙන පැත්තක් බලන් ඉන්නේ ඇස් ගෙඩි දෙකත් ජම්බෝල කරන් කේන්තියෙන්. මමත් ඒ පැත්ත බලද්දී දැක්කේ

"ප්.. පා.. පාලි.. කා.. ජ්.. ජෝ.."

ඔව් එතන හිටියේ පාලිකා ජෝ හැබැයි නිකන් නෙමෙයි ඊතලයක්‌ වැදිලා ලේ පෙරන්.. එතකොට ඒ මට වදින්න ගියපු ඊතලයක්‌ ද පාලිකා ජෝට වැදුනේ... මොකක්ද මේ වෙන්නේ...

Secret ||KTH| (Completed)Where stories live. Discover now