Part 15

194 64 2
                                    

You are just like a butterfly
From afar
I steal a glance at you because
I'm scared to loose you if I touch you

......................................................................

ඒ එයා ඇත්තටම කවුද කියලා අහන එක. මට එයාව නැති වෙයි කියන බයටම වෙන්න ඇති මම ඒක මග අරින්න ඇත්තෙ. මට එයාගෙ අතීතය අවුස්සන්න කොහෙත් ම ඕන වුනේ නෑ. ඒකෙන් එයාගෙ පරණ මතක පෑරෙයි කියලා මම බය වුනා.

ඒ වගේ ම එයා නිසා මම හැමදාම ටේහන් බලන්න ගියා. ඒත් මම කවදාවත් එයාව cemetery එක ඇතුලෙදි දැක්කෙ නෑ. ටේහන් එක්ක කතා කරලා ඉවර වුන ගමන් මම වේගෙන් ගේට්ටුව ළගට දුවලා යන්නෙ එයාගෙ ශක්තිමත් අතේ එල්ලිලා පොඩි ළමයෙක් වගේ දඟ කරන්න. ඔව් ඇත්තටම එයා ළඟ මට දැනුන ආරක්ෂාව මට විස්තර කරන්න වත් තේරෙන්නෙ නෑ.

අපි එක දවසක් මගේ ගෙදර ළගට මේ විදියටම ආවා. ඒත් අපෙ අත්, මගෙ පොඩි ඇගිලි අතර යුන්ගිගෙ ඇගිලි තදින් පැටලිලා. ඒවා ගැලවෙන්න ලැස්ති නෑ. ඒ නිසා ම මම යුන්ගි වත් ඇදගෙන ගෙදර ඇතුලට ගියා. ඒ වෙලාව පුදුම මිහිරියි.

එක බැල්මකින් අපෙ හැඟීම් ඇවිස්සෙන්න ගියෙ පොඩි වෙලාවයි, මගෙ ඉන වටේ දැවටුන ඒ ශක්තිමත් අත් වලින් මාව එයා ළඟට ඇදලා ගත්තා. ඒත් එක්ක ම මගෙ මූණට එබුන යුන්ගි මගෙ ඇස් දිහා බලන් එයාගෙ දිලිසුන ඇස්වලින් කතා කරා, හරියට මගෙන් අවසර ඉල්ලන්න වගේ. මගෙ චූටිම හරි අකමැත්තක් තිබ්බා කිව්වොත් බොරු. මම තදින් ඇස් පියා ගත්තෙ මේ හැඟීම් ඔක්කොම මට අලුත් නිසා. යුන්ගි ගෙ සිනිදු රෝස තොල් මගෙ තොල් වලට බර වුනා. ඒත් එක්කම අපි ඇඳන් හිටිය ඇඳුම් තැන තැන විසි වෙලා ගියා. මත් වෙලා වගේ ගෙවුන පැය කිහිපයේදි අපි අපේම ලෝක වල ජීවිතේ අමතක නොවන මතක ගොඩක් එකතු කර ගත්තා.

"මම ඔයාට හැමදාම ආදරෙයි පාක් ජිමින්"

එයා එහෙම කියලා එදා සතුටින් සමු ගත්තත් මගෙ ගෙදරම වගේම හිතත් පිරිලා තිබුනේ එයාගෙ සුවඳින්. නෑ මගෙ ආත්මෙම වෙලාගෙන තිබුනෙ ඒ සුවඳ.

Hold Me Tight❣️ [completed]Where stories live. Discover now