Part 20

180 55 0
                                    

Imagine your face says hello to me
Then all the bad days
They're nothing to me with you

......................................................................

ඇයි මන් ළගටම හැම නපුරු දෙයක් ම වෙන්නෙ? මම කරපු වැරැද්ද මොකක්ද කඳුලු විතරක් හැම වෙලාවෙම ලැබෙන්න?
ඉතින් මට කොහෙත් ම ඕන වුනේ නෑ මට හිටපු එකම කෙනා වුන ඔයාව නැති කර ගන්න! මම ආත්මාර්ථකාමී ද? නෑ මම ගොඩක් සංවේදී කෙනෙක්! මගේ පුංචි මල්ලිලා දෙන්නා මේ හ්යොන්ග් ව දාලා ගියාම මැරෙන්න බැරි කමට ජීවත් වුන, ලෝකෙටම විහිලුවක් වුන පාක් ජිමින්ට වටිනාකමක් දුන්නෙ ඔයා, ඔව් ඔයා විතරයි මින් යුන්ගි! ඔයාට මම හැමදාම ආස කරපු හරි ම ලස්සන හදවතක් තිබ්බා!

ඔයාගෙ මූණ පුරාම ඇඳිලා තිබ්බ ලස්සන gummy හිනාව මගෙ ඇස් අස්සෙ විකාර කරද්දි මට ඇස් උගුල්ලලා විසි කරන්න තරම් වේදනයි.

ගෙවි ගෙවී යන හැම තත්පරය ම, වැටෙන හැම කඳුලක් ගානෙ ම මම ප්‍රාර්ථනා කරා මේක හීනයක් වෙන්න කියලා, ඒත් ඒක ඇත්තක් වුනත් මට පිලි ගන්න ඕන කමක් තිබ්බෙත් නෑ, පුලුවන් කමක් තිබ්බෙත් නෑ.

අවුරුදු 03ක් තිස්සෙ ටිකෙන් ටික පොළොවට පස් වෙන ඔයා ළඟ වැටීගෙන ආයෙ ආයෙත් පැය ගානක් මම අඬන්න ඇති. වොන් 5000 ඉඳලා ඔයා කියපු හැම වචනයක් පාසාම දෝංකාර දෙද්දි තව තවත් මං කෑ ගහලා දුක නැති කර ගන්න හදන්න ඇති. ඒත් මට තේරුණා ඒ දුක නැති කරන්න ඇත්තටම බෑ කියලා.

මම සිහිය නැති වෙලා වැටෙන්න යනවා කියලා වත් ගානක් නැතුව ඔයාට ආයෙ ආයෙත් එන්න කියලා පොඩි එකෙක් වගේ නොහිඳෙන කඳුලු හිඳෙනකම් අඩන්න ඇති.

~~~~~~


"කුකී.... කුකී

ජන්ග්කුක්!!"

Hold Me Tight❣️ [completed]Where stories live. Discover now