Part 17

198 61 2
                                    

Since I got to know you
My life is filled with you and only you

A star that called you
That made every trivial thing non-trivial

......................................................................

හැමදාම වගේ ගෙදර බලන්න යන්න පොරොන්දු වුන දවසෙත් cemetery එකේ gate එක ළග හරි ම වෙලාවට බලන් හිටියා. පුදුමයි අද එයා නෑ. මම ගොඩක් වෙලා, පුලුවන් උපරිම වෙලා බලන් හිටියා.

එතනින් ගිය හැමෝම මන් දිහා බලාගෙන ගියත් එතනින් කිසි කෙනෙක් මින් යුන්ගි වුනේ නෑ.

කඳුලු පුරෝගෙන මම ගෙදරට යන්න හැරුනෙ හිත පැලෙන්න තරම් ඇතුලෙන් රිදුම් දෙද්දි. එදා රෑ මම ගොඩක් අඬන්න ඇති එයා ඇයි මාව මග ඇරියෙ කියලා, මට එයා එනකන් මග බලනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ. මොකද මම එයාගෙ නම වගේ පොඩි විස්තර ටිකක් ඇරෙන්න කිසි දෙයක් දැනන් හිටියෙත් නෑ. මේ මාස ගානටම එයා නාව එකම දවස් අද වෙන්න ඇති. හරි ඉතින් එයාට හදිස්සි වැඩක් තියෙන්න ඇති නේ. මම හිත හදා ගත්තා.

ඊට පස්සෙ දවසෙත් මම ගියා, යුන්ගි කලින් එයි කියලා උදේ ඉඳලා රෑ වෙනකම් බලන් හිටියා.

ඒත් මින් යුන්ගි කියලා කිසි කෙනෙක් ආවෙ නෑ cemetery එකට. මම ඇස් රිදෙනකම් පාර දිහා බලන් එයාව හෙව්වා ඒත් මට පොඩ්ඩක් වත් තේරුනේ නෑ එයා හරියටම ඉන්නේ කොතනද කියලා. එයා හොරෙන් මන් දිහා බලන් ඉන්නවා කියලා. එයත් මං වගේ ම අද අසරණ වෙලා කියලා.

ඔව් මට පස්සෙයි තේරුනේ එයා මාව එක්කන් ආවෙ එයාගෙ ගෙදර බලන්න කියලා... මම ගොඩක් පරක්කු වෙලා...

Hold Me Tight❣️ [completed]Donde viven las historias. Descúbrelo ahora