13 වන දිගහැරුම

90 26 6
                                    


කොරියන් අලුත් ෆැශන් හවුස් එකේ වැඩ වලින්, US ඉදල කරගන්න තිබ්බ වැඩ ටිකත් කරගෙන දවස් 10කට පස්සෙ මං ආපහු කොරියා ආවා… ඔප්පා හොයල දීපු ඉඩමේ මට ඕන විදිහට US ශෝ රූම් එකටම සමාන විදිහට බිල්ඩින් එක හදන්න භාර දීලා මං සුපුරුදු පරිදි මගේ ෆැශන් කලෙක්ශන් එකට අලුත් ඩිසයින් ටිකක් කලා. ඒ අතරේ මට මගේ සිංදුවක් රෙකෝර්ඩ් කරන්න ලොකු ආසාවක් ආව නිසා නම්ජූන් ඔප්පට වචනේ දාලා බැලුවා..

" නම්ජූන් ඔප්පේ……. "

" හ්ම්ම්ම්"

" ඔප්….පේ………."

" මොකෝ මාශී…. ඒ ඇදිල්ල නම් එච්චර ඇල්ලුවේ නෑ මට…"

" නෑ අනේ.. මේ පොඩි උදව්වක් කරන්නකෝ…"

" හ්ම්ම් කියන්නකෝ බලන්න… නසරානි වැඩක් එහෙම නෙවේනේ…. ඔයාට එකතු වෙලා අර මගේ පොඩි නසරාණීයෝ තුන් දෙනා තවත් නරක් වෙලා ඉන්නේ ඈ…"

" අනේ මං මොනාද කලේ…"

" එහෙම නෙවේ මාශී අහන්න ඕනා… මං මොනාද නොකලේ කියලා…."

" හා හා.. හරි.. මේ මේක එහෙම එකක් නෙවේ ….."

" හරි කියන්නකෝ බලන්න…"

" මේ මට සෝන්ග් එකක් රෙකෝඩින් කරගන්න ඕනා… හයිබි එකෙන් කරගන්න බැරි වෙයිද…"

" සෝන්ග් එක්ක… හ්ම්ම්ම් බැරි වෙන එකක් නම් නෑ ...එත් කලින් අහල ඉන්න ඕනා අපේ  ලොක්කගෙන්…"

" ඉතින් අහල බලන්නකෝ…."

" හ්ම්ම්ම් ඉන්නකෝ...මං එහෙනම් කෝල් එකක් දාලා එන්නම්…"

" මෝ…. අනේ … දැන්ම අහනවද… කුමාවෝ ඔප්පා…"

හරි හරි ඉන්නකෝ…

මටත් ඉන්න කියලා ඔප්පා ගියේ පීඩී නිම්ට කෝල් කරන්න… ඒ ගිහින් විනාඩි 10කට පස්සේ කොල්ල ඩිම්පලෙත් විදහාපාන් එන විදිහෙන් මට තේරුනේ වැඩේ ගොඩ වගේ කියලා…

" හරි මාශී .. හෙට උදේ 10 පීඩී නිම්ව මීට් වෙන්න එන්න කිව්වා කම්පැනි එකට…"

" ශා… මරුනේ… "

" එහෙනම් හෙට 9 වෙද්දි මෙහෙට එන්න… මායී හොබීයි හෙට කොහොමත් යන්න හිටියේ..වැඩක් තියෙනවා කරගන්න. අපිත් එක්කම ගිහින් එන්න යමු.."

වීනස්"🥀  #COMPLETEDonde viven las historias. Descúbrelo ahora