17 වන දිගහැරුම

73 25 5
                                    

" ආආ… වට්ටි අම්මල ටික…
පෙට්ටියක් වට කරන් හට්ටියක් පිරෙන්න පච හලනවා වගේ…"

" අනේ මේ ටේ හූනෝ…. දත් නැතුව බත් කන්න ආසද ආ…. අපි හලපු පචයක් නෑ.."

" අහ්හ්හ් මං හොදටෝම බය උනා...…"
ටේයූනා බොරු බයක් මවාගෙන ලස්සනට රඟපාලා පෙන්නුවේ කට්ටියම හිනස්සලා.

" මේ ඒක නෙවේ..  මොනාද ඔයාලා කතා වෙන්නේ … අපිටත් කියන්නකෝ… කම්මැලී අනේ.."

" අහ්හ්හ් මෙන්න ජී හා ඔන්නි … මදි පාඩුවට හිටපු, රෙදි නැන්දලා තුන් දෙනත් ඇවිත් කුණු අතුල්ලන්න…"

" අනේ මේ … මේ හූනාව අල්ල ගන්න ඕවාට අපි දෙන්න නම් නෑ .. නේද ජිමින් හියුන්ග්…."

" අනේ ඔව්… අපිට ඔය රෙදි අපුල්ලලා පුරුද්දක් නෑනේ මේ ටේයූනට වගේ…"

" අනේ අම්මප..  තොපි දෙන්නට මං….."

කට්ටියම පදමට හිනා වෙද්දි ටේයූන් පැන්නේ ජිමිනට කික් එකක් දෙන්න. ඒත් පාර සැරට වැදුනේ බනීට…

" යහ්හ්හ් හියුන්…. ඔහේ කන්නේ යකඩ ද ආ… රිදුනා හලෝ…"

" රිදෙන්න තමා ගැහුවේ… නැත්නම් ඉතින් අතගානවනේ…"

කොහොමින් කොහොම හරි ඒ කොලු පරාණ තුනත් එකතු උනා කෙල්ලො ටිකගේ ලිද ළඟ සංගමේට…

" ඒක නෙවේ ජී හා නූනා.. ඔයා එදා කිව්වේ නෑනේ අර අපේ හොර පූශ් රාලව අල්ලගත්තේ කොහොමද කියලා…"

ටේයූන් ඉද ගන්න ගමන්ම වටපිට බල බල හොරෙන්ම ජී හා ගෙන් ඇහුවේ මාශීට ඇලජික් එක හැදුන දවසේ අහගන්න බැරි උන කතාව අද අහගන්න හිතන්. ඒකෙන් මාශිගෙ කතාව අහගන්න එක අමතක උනා කට්ටියටම.

" අහ්හ් මං එයාව අල්ල ගත්ත එකක් නෑ ටේයූන්….  එයා තමා සූ සැට මායම් දාලා මාව අල්ල ගත්තේ… "

" මොහ්හ්හ් චින්චා… අපේ කම්මැලි පූසාට එච්චර හරියක් කරගන්න පුලුවන් උනාද…"

" ඇයි මොකෝ කුකියෝ… උබලා හිතුවේ මට බෑ උබලට විතරයි පුලුවන් කියලද…."

" අහ්හ් යුන්ගි හියුන්…."

ඔලුවත් කස කස ඇඹරෙන කුකීට තට්ටුවක් දාගෙනම යොන්ගිත් ජී හා ලගින්ම වාඩි වෙලා සංගමේට එකතු උනා.

වීනස්"🥀  #COMPLETEWhere stories live. Discover now