24 වන දිගහැරුම

76 23 13
                                    


" ඕක හරියන්නේ නෑ හියුන්ග්… මේක පට්ට ආ…"

" කුකී… උබ කොහොමද කියන්නේ මේක පට්ට කියලා… තාම බැලුවෙත් නෑනේ…"

" අහ්හ් ටේ හියුන්.. මං ඕකේ ට්‍රේලර් එක බැලුවා නෙට් එකෙන්.. "

" නෑ නෑ මේක බලමු… මේක මරු…. හොල්මන් කෝටියයි.…. ආතල් දෙකෝටියයි…"

"මේ පිස්සු කෙලින්නෙපා ජිමිනෝ… ඕවා බලලා රෑට නිදා ගන්න නෙවේ… මේක බලමු…"

……………...………………………

" මං හීනයක් ද දකින්නේ… " (සුගා)

" මේ අද නම් ඉර අනික් පැත්තෙන පායලා වගේ යුන්ගියෝ…" (ජින්)

" ඒක තමා මාත් මේ බැලුවේ… වැඩිය සතුටු වෙන්න එපා කෝකටත්..  දවස ඉවර වෙන්න  කලින් ඔය සිඟිති පාතාලයෝ ටික බාල්දියක් පෙරලගත්තේ නැත්නම් මං මේ කන කපා ගන්නවා අම්මපා… " (සුගා)

………………………………………………..

" ටයිටැනික් බලමුකෝ"

" අනේ මේ පොඩි උන් පොඩි උන් විදියට ඉන්නවා මාශී… ආවා මෙතන මහ උන් බලන ෆිල්ම් බලන්න…"

" පුහ්ඃ…. අනේ මේ ටේ හූනෝ… මාත් ලොකුයි තමා…"

" ඔව් ඔව් කට නම් ලොකුයි වට්ටියක් වගේ…."

" වට්ටිය… අනේ මේ පෙට්ටියා…. "

" ඕක හරියන්නේ නෑ කුකියෝ.. ෆාස්ට් ඇන්ඩ් ෆියුරිස් හොදයි….."

" අනේ මේ මිට්ටෝ… පුට්ටාර් එකක් පැදගන්න බෑ බිම පතබෑවෙන්නේ නැතුව… රේස් කාර් බලන්න ආවා…"

" රේස් කාර් නෙවේ මැට්ටි කාර් රේස්…"

" හරි හරි රට හාවෝ… මොකක් හරි කාර් එකක්නේ අන්තිමට …."

" කවුද කිව්වේ මට බයිසිකල් පදින්න බෑ කියලා… "

" කවුරුත් කියන්න ඕනාද.. අපි ඇස් දෙකටම දැක්කනේ එදා බූසාන් වලදි නම්ජූන් ඔප්පගේ පුට්ටර් එකෙන් වැඩ දැම්මා බේබද්ද පොලේ ගැහුවා වගේ… අපිත් බැනුම් අහලා තමා නැවතුනේ.. නැද්ද ටේ ඔප්පේ.."

" අනේ මං කියන්නේ නෑ බේබද්ද කවුද කියලා… කුකියගේ බර්ත්ඩේ එක දවසේ බේබද්දගේ කලර්ස් අපි දැක්කා නේද ටේ…"

වීනස්"🥀  #COMPLETEWhere stories live. Discover now