ස්පන්දන 2 💔

593 105 73
                                    

මම ඇතුලට ගියේ මෙයාගෙ දන්නෙ කොහෙද බලන්න.... හැබැයි අයියගෙ දන්නෙ මම හිතපු තැන් නන් නෙවෙයි....ඒකත් හොදයි එක අතකට....ටැප් එක ඇරලා අතට වතුර අරගෙන අයියගෙ මූණෙ තිබ්බ සබන් හෙමීට පිහදැම්මෙ එයා තාමත් කෙදිරිගාද්දි.....

"ආස්.....යකෝ මේ බෝඩිමේ ඇන්ටි රෙද්ද....මේ වෙලාවට තමා අම්ම මුත්තා සිහිවෙන්නෙ.....වතුර ටික හරියට දෙන්න බැරි හැටි  මුන්ට....."

...

කොහේවත් නැති බෝඩිමේ ඇන්ටි කෙනෙක් අල්ලන් අයියා කෑගහද්දි මම හෙමීට ඉස්සිලා එයාගෙ ඇස්වලට පිම්බෙ එයාට ඇස් අරින්න තවත් ලේසි වෙන්න......ඒත් එක්කම වගේ මගේ ඉණවටේ අත දාලා අයියා මාව එයාගෙ ලගට ගත්තා.....
තාමත් ඇස් ඇරියෙ නැතිවුණාට එයාගෙ ඇගිලි මගේ මුළු මූණ පුරාම හරි ලස්සනට අරගෙන ගියා.....

බේරෙන වතුර බින්දු එක්ක රැවුල් කොට මගේ මූණෙ වදිද්දි එයාගෙ උණුහුම මගේ ඇතුලාන්තයම ඇවිස්සුවත් එයාට ඉස්සරහින් එක පියවරක් වත් තියන්න මට ඕන වුණේ නෑ.....මට බෑ

අයියා මාව තවත් එයාගෙ ලගටම ගනිද්දි මම ඇස් දෙක පියාගත්තෙ ඒ උණුහුම නිදහසේ විදින්න......

"මට උබව විනාස කරන්න බෑ කොල්ලො..... මට බෑ"
...

ඒත් එක්කම මාව එතනම දාලා ෂේන් අයියා ගියා.....කොහොමත් මට ඕක හුරුයි....මම එයාට ලං වුණත් එයා මට ලං වුණත් පහුගිය අවුරුදු තුන පුරාවටම එයා මට දීපු උත්තරේ තමා ඔයා.....

ඔයා ඔයාගෙ හිතම රවට්ට ගනිද්දි මේ විදිහට ලං වෙලා මාව ඈත් කරද්දි මම  විදවන තරම ඔයා දන්නවනන් අයියෙ......

එදා රෑ මම ආයෙත් ශේන් අයියව දැක්කෙ නෑ.....පිගානට දාලා තිබ්බ  කෑමෙකත් අරන්මයි එයා කාමරේට ගිහින් තිබ්බෙ....එයා එනකන් බලන් ඉදලා බැරිම තැන මාත් කාලා නිදාගත්තෙ අශේන් සහෝදරයා එන්නත් රෑ වෙන නිසා.....

•••••••••

•••••••••

•••••••••

•••••••••

"නැගිටපන් මල්ලි ....... අරූ තාටිහකින් උබව දාලා තමයි යන්නෙ......"

"ආ...ෂ්.... පෝස්ටර් ගේන්නද....."

අශේන් සහෝදරයා මාව නැගිටවද්දි  නින්දෙන් වගේ මාත් ඇහුවෙ ඇගේපතේ හිරි අරින ගමන්......

*ස්පන්දන||[Completed Bl]Where stories live. Discover now