ස්පන්දන 5💔

450 92 73
                                    

"සුද්දට එන්න කියපන් ගිහිං....."

"අයියලාටත් ඉතිං සුද්දයියලා තමා ලොකු.... අපි පො*නයො වගේනෙ පේන්නෙ....."

"මොකද්ද ප*යෝ උබ කියන්නෙ.... උබලා කවද්ද වැඩක් නාගන්නැතුව කරේ ....සුද්දට නෙවෙයි හරියට කරනවනන් උබලටත් ඒමම තමයි.....

එන්න කියපන් උට මෙතන අනුන්ගෙ චීත්ත හොදන්නැතුව..."

ලැසී කළු අයියටත් ගස්සගෙනම ගියේ සුද්දා හොයාගෙන...

කළු අයියා කියන්නෙ මුළු මාලිගාවත්තම රන් කරපු මැරයෙක්...පොර මැරයෙක්ට වඩා පාතාලෙ ඇතුලෙ ප්‍රසිද්ධ කුඩු බිස්නස් කාරයෙක් විදිහට.... අවුරුදු 17, 18 ,19 වගේ පොඩි කොල්ලො කෙල්ලො පාට පාට ලෝකවල අතරමං කරන එක තමයි කළු අයියගෙ ප්‍රධාන බිස්නස් එක....

සුද්දා කියන්නෙ කළු අයියගෙ ප්‍රධාන පෙලේ ගෝලයෙක්....සුද්දගෙ චරිතෙ ගැන සහතික දෙන්න හයියක් තිබ්බ එකෙක් මුළු වත්තටම ඉදියෙ නෑ කිව්වොත් හරි.. සුද්දට විරුද්ධවෙලා යහතින් ඉදපු එකෙකුත් නෑ.....මොකද සුද්දගෙ ප්‍රශ්න වලදි කළු අයියා තමා ගොඩක්ම අතගහන්නෙ....කළු අයියට සුද්දා සහෝදරයෙක් වගේ වෙච්ච එක තමයි හේතුව....

...

...

" අභී ප්ලීස් අනේ මාව අතාරින්න එපා අභී.....මගේ හැමදේම මම ඔයාට දීල ඉවරයි දැන්.....

අනේ අභී ප්ලීස් මට ඔයා නැතුව ජීවත් වෙන්න බෑ...."

"බැයිනන් මැරියන්"

"අනේ අභී ඔහොම කතා කරන්නෙපා ....මාව හොටෙල් ගානෙ එක්කන් යනකොට ඔයා ඔහොම කිව්වෙ නෑනෙ...."

"උබ එපා කිව්වෙත් නෑනෙ.....මට පව් නොදී තියපන් බැ*** ෆෝන් එක....."

කොල්ලා කෝල් එක කට් කරලා ෆෝන් එක වීසි කලේ හිතේ තිබ්බ තරහටත් එක්ක තමා....කොහොමත් සති දෙහෙකට සැරයක් විතර ඔහොම කෝල් එකක් දෙකක් එනවා කියලා කොල්ලත් දන්නවා...ඇයි ඉතින් කෙල්ලො අනාථ කරනෙකත් පොරගෙ තව ජොබ් එකක්නෙ....

" ෂිට් දවසම කාලකණ්ණි කරනවා මුන්...."

ඒත් එක්කම වගේ...

"සුද්දා.....සුද්දයියේ....."

කවුරුහරි දොරට තට්ටු කරනවා වගේ ඇහිච්ච නිසා ටීෂර්ට් එකක් දාගෙන කොල්ලා ගියේ දොර ගාවට....

*ස්පන්දන||[Completed Bl]Where stories live. Discover now