ස්පන්දන 6 💔

415 95 102
                                    

"මේකයි බන් මේ ......අර හැටන් වත්තෙ ආණ්ඩුවෙන් දීපු ගෙවල් ටික...."

"ඔව් අර මුඩුක්කුකාරයන්ට නොමිලේ ඡන්දෙ කාලෙ දීපුවනෙ....."

"අන්න හරි උබට තේරුණා...ඒ ගෙවල් ටික හිස් කරන්න ඕන බන්...... පස්සෙ ඕකුන්ටම ඕවා කුලියට දෙන්න බැරියැ....කොහොමත් වුණ්ට ඔප්පු දීලා නෑ ඕවට රජයෙන්....."

කළු අයියා ඒම කියනකොට සුද්දා කටේ තිබ්බ සිගරට් එක එහෙමම විසික් කරලා කින්ඩියට හිනාවක් දැම්මෙ කළු අයියා එන්නෙ මේකට කියලා කලින්ම දැනගෙන....

"උන්ට මොකටද බන් ගෙවල්....හිගන හැ**.......උබ ගිහිල්ලා ඔක්කොමල්ලා එලියට දාලා සුද්ද බුද්ද කරලා ගනින්.....

අපේ කොල්ලො ටිකත් එක්ක යමන්....."

"හරි අයියෙ....."

සුද්දා කළු අයියට කියාගෙනම එලියට ආවෙ ලැසී බලන්නත් එක්කම වගේ....ඒ එක්කම කොල්ලො ටිකත් එක්කම ලැසී ආවා......

"අයියෙ......."

"ආහ්....ඔව්....

මල්ලි කියන්න....."

සුද්දා ගොත ගගහා වගේ කියද්දි ලැසී නන් හිටියෙ මෙයාට මොනා වෙලාද වගේ ලුක් එහෙකින්....ඇයි ඉතින් වෙනදට සුද්දා මෙහෙම තියා මූණට හම්බෙන්න එන්නෙත් නෑනෙ......

"කළු අයියා කොල්ලො ටික එක්ක යන්න කිව්වා....ඒකයි මේ....."

"ආහ්....හරි යමන් ......"

සුද්දා ටක් ගාලා මූඩ් එක හදාගන්න ගමන්  නැගිට්ලා  ට්‍රේලර් එකට නැග්ගෙ ලැසීටත් නගින්න කියලා අතින් කියාගෙන.....

ලැසී නැග්ගත් එක්කම සුද්දා ස්ටාර්ට් කරගත්ත ට්‍රේලර් එක මාලිගාවත්තෙ මේන් රෝඩ් එකට දැම්මෙ කොල්ලො ටිකට ටිකකින් ඒ පැත්තට එන්න කියාගෙන.......

"ලැසී"

සුද්දා ටිකක් හයියෙන් ඇහුවෙ සද්දෙත් එක්ක  ඇහෙන්නෙ නැති නිසා....

"ඕ අයියෙ......"

"අයියෙ ප** ගාලා දවසක අවුස්ස ගනින්කො මාව.....ඇයි යකෝ මාත් මනුස්සෙක්නෙ ....අම්මපා උබ නූනනන් ඔහොම කිරි කෑල්ලක් අතේ තියන් භාවනා කරන ජාතියෙ එකෙක් නෙවේ මේ සුද්දා......"

*ස්පන්දන||[Completed Bl]Where stories live. Discover now