ස්පන්දන 8 💔

374 90 110
                                    

Sudda's pov
______::::::::

ඉස්සරහට අඩි දෙකයි මට තියන්න වුණේ....

"ෂේන් අයියා...."

මාව එතනම ගල් වුණා...ඒ මූණ මාව ගල් කරා....

අවුරුදු ගාණකට කලින් මගෑරුණු මන් වෙනුවෙන් පණ ගැහුණු ඒ ඇස් දෙක ආයෙමත් මගේ ඉස්සරහා.....

"අභී....මගේ අභී....."

වේදනාවද සමාවද කියලා තෝරන්න බැරි ඒ බැල්ම මගේ දිහාවටම වගේ එල්ලවෙද්දි ඒක දරාගන්න තරන් හයියක් මට තිබුණෙ නෑ....මම එහෙමම ඇස් පියගත්තා....අතේ තිබුණු ප්‍රිස්ටල් එක බිම අතෑරෙද්දි මම එතනම බිම ඉදගත්තෙ අවුරුදු ගාණකට පස්සෙ වුණත් ඒ රැවුල් කොට දඩබ්බර තොල් එක්ක නහර පිරිච්ච අත්දෙක මගේ වටේට එතෙද්දි......ගහන්න විතරක් අහිංසකයො ඇද උඩට ගත්ත මාලිගාවත්තෙ කාලකණ්ණි සුද්දා නෙවේ මේ ඉදියෙ....කාලෙකට කලින් රෑක රහසින්ම මගේ අයියගේම වුණ අභී....ශෙදිල් අභිනාෂ් දුනුසිංහ......

කදුළු අතරින්ම මාව තුරුල් කරගත්ත අයියාව මම ඈත් කලේ ඒ පහසට යටි හිතේ  විතරක් නෙවේ මුළු හදවතේම තිබුණු ලෝභ කමට පවා ද්‍රෝහි වෙලා.....කාමයට වඩා ආදරය හොයපු මගේ රත්තරන් අයියට ආයෙ වැරැද්දක් කරන්න මට බෑ .....මට බෑ....

"මාව අතාරින්න අයියෙ...මාව අතාරින්න....මට බෑ ඔයාට වැරැද්දක් කරන්න ආයෙ....

මම මහ කාලකණ්ණියෙක්.....මාව අතාරින්න...අමතක කරන්න මාව ....

මට වඩා හොද කෙනෙක් ඔයාට හම්බවෙයි අයියෙ... අකමැති වුණත් ඔයා වෙන කෙනෙක් ගෙ වෙනවා දකින්න මට බෑ ඔයාට ලංවෙන්න....මන් නෙවෙයි ඒ කෙනා...

මාව අතාරින්න අයියෙ.......අල්ලන්න එපා මාව....ප්ලීස්...."

ඒ වචන ටික එක්කම බලාපොරොත්තු නොවිච්ච විදියට අයියගෙ අත මගේ කන හරහා ගියේ මාව වීසිවෙලා යද්දි.....කදුළු අතරින් වුණත් කම්මුල අල්ලන්  මම හිනාවුණේ මට මේක සුදුසු යි කියලා හිතාගෙන....

"තමුසෙ....තමුසෙ කොහොමද ඔහොම කතා කරන්නෙ....ආ....එපාද මාව....අල්ලන්න එපාද තමුන්ව මම....

අවුරුදු පහක් උබ නැතුව මේ හිත විදෝපු තරන්  දන්නවද.....නෑ තෝ ඒවා දන්නෙ කොහොමද...දකින දකින එකාට ගහන්නයි තුට්ටු දෙකේ පාතාලකාරයන්ට වහල් කන් කරන්නයි......මාලිගාවත්තෙ සුද්දනෙ උබ...

ඇයි මාව එපා කියන්නෙ තමුසෙට ඉන්නවද වෙන මිනිහෙක්...කතා කරනවා......

වීදුරු කටු අයිනවා වගේ අයියා කියාගෙන යද්දි මට දෙන්න උත්තර තිබුණ් නෑ....

"අනේ අයියෙ...."

"මට මගේ අභීව දීපන් මල්ලි මගේ අභීව දීපන්....

ඉස්සර කැම්පස් එකේදි මට තුරුල් වෙලා ඉදපු බෝඩිමේදී මගේ එක හුස්මටත් ගැස්සිලා ගියපු මගේ අභීව මට දීපන්...."

අයියා කියාගෙන යද්දි මට දෙන්න උත්තර තිබුණෙ නෑ..... අවුරුදු පහකට කලින් වලදාපු ශෙදිල් අභිනාෂ් මගේ ඉස්සරහා මැවිලා පේන්න ගත්තා.....ෂේන් අයියා අශේන් අයියා හැමෝම වගේ නැති වෙද්දි අපේ විප්ලවේ කඩන් වැටුණා.... දේශපාලන පුටු රත් කරන මහත්තුරු ඉස්සරහා අපේ සහෝදරවරු අසරණ වෙද්දි පොලීසියේ වෙඩි පාරවල් විරුද්ධ පක්ෂවල තර්ජන එක්ක අපි හැමෝම ජීවිත වෙනුවෙන් හිගා කාපු කාලෙක අහම්බෙන් හම්බෙච්ච කළු අයියා ගාව ශෙදිල් අභිනාෂ් නතරවෙච්ච එක පුදුමයක් නෙවෙයි....ඒත් මට මාවම නැති වුණා කියලා හිතෙද්දි දැනෙන හැඟීම සුද්දගෙ දරදඩු කම එක්ක මග අරෝගන්න හැම රෑකම මම හිතින් යුද්ධ කලා.....

පහුගිය අවුරුදු පහ පුරාවට මට හරියට නින්ද ගියපු දවසක් නෑ කිව්වොත් පිලිගන්නවද....හැම රෑකදිම හොයපු ඒ උණුහුම මගේ ඉස්සරහා මැවිච්ච ඒ ඇස් දෙක.....හැම රෑකම හිතින් ඔයාට තුරුල් වෙච්ච , පිස්සුවෙන් වගේ හොයපු ඒ උණුහුම තමයි අයියෙ ඔයාගෙ අභීව ජීවත් කරේ.....

ඔය කිසි දෙයක් කියාගන්න තරන් හයියක් මට තිබුණෙ නෑ....ඒත් ඒ පිරිමි පපුව අස්සෙ තුරුල් වෙලා ඇති වෙනකන් අඩන්න මට පුළුවන් වුණා....











අභිනාෂ් වර්ස් සුද්දා....

පිරිමි හිත් ගැන අර්ථකතන දෙන්න තරන් මම පරිණත නෑ 🐵....ඒත් ඒවා හරි පුදුමාකාරයිලු.....

කම්මැලී ගොඩාරියක්...ආයෙ හම්බෙමු..

හොද නන් කියෝලා කමෙන්ටුවක් ශෙයා පාරක් දාන්න.....

_Zrash_

*ස්පන්දන||[Completed Bl]Where stories live. Discover now