chapter 5

2.6K 537 23
                                    

(Taehyung's pov )

ජන්කුක් එක්ක උදේ වෙනකන් මං කතා කර කර හිටියා....මට දවසෙම නින්දක් නැති නිසා ඇගට ටිකක් අමාරු වෙලා තිබ්බෙ...එත් ජන්කුක් එක්ක කතා කරන එක මගේ ඇගේ අමාරුවට වඩා මට වැදගත් උනා....

ඉර පායාගෙන එනවා කියලා මං දැන ගත්තෙ ජන්කුක් ගේ කාමරේ තිබ්බ කුරූ ජනේල් වලින් ආපු එලිය නිසා...

මගේ උරහිසට ඔලුව තියාගෙන හිටිය ජන්කුක් ඇස් දෙක පියාගෙන හිටියත් එයා හිටියෙ නිදාගෙන නෙමෙයි...

ඉතිං මං එයාට කතා කරා..මොකද මට දැන් යන්න වේලාව හරි නිසා...

🐯: ජන්කුක් ?

🐰: හ්ම්ම්ම්

🐯: මට දැන් යන්න වෙනවා....

එයා ඒ එක්කම මගෙ උරහිසෙන් ඔලුව උස්සලා මං දිහා බැලුවේ හරියට යන්න එපා කියන්න වගේ...

🐯: එත් මං ආයෙ එන්නම්...මේක පොරොන්දුවක්....

🐰: ආයෙ මාව බලන්න එනවා නේද?

🐯: මං අනිවාර්යයෙන් එනවා ජන්කුක් ...

කියලා මං කිව්වාම එයා ඔලුව වනලා මගේ ඉනේ එතිලා තිබ්බ එයාගෙ අත් හිමිට එයා ගාවට ගත්තා....

මං හෙමින් එයා ගාවින් නැගිටලා දොර ගාවට එද්දි එයා අයේම මට කතා කරපූ නිසා මං කාමරේන් එලියට තියන්න හදපූ කකුල ආයේ ඇතුලට අරන් එයා දිහාවට හැරුනා....

🐰: රෝස මල?

🐯: ඔව් ජන්කුක් මොනා හරි කියන්න තියෙනවා ද?

🐰: ඔව්

එහෙම කිව්ව ජන්කුක් එයා ඉදගෙන හිටපු බිමින් නැගිටලා මං ගාවට ආවා...

ටිකකින් ජන්කුක් මගේ ඉස්සරහ හිටගෙන මගේ ටිකක් අවුල් වෙලා තිබ්බ කොන්ඩේ හිමින් වගේම පරිස්සමෙන් හදන ගමන් මගෙ ඔලුවට දැනෙන නොදැනෙන තරමට පොඩි හාදුවක් තිබ්බා...

🐰: මාව ආයෙ බලන්න එන්න හොද ද?...දැන් පරිස්සමෙන් ගෙදර යන්න....

ඒ වචන එක්ක මගේ හදවත වේගෙන් ගැහෙන්න ගත්තේ මටත් නොදැනුවත්ව.....ජිමින් ඇරෙන්න පිටකෙනෙක්ගෙන් ඒ වගේ වචනයක් මං ඇහුවාමයි....

PSYCHO BUNNY (Completed ✅)Where stories live. Discover now