chapter 18

2.6K 440 33
                                    

ටේගෙත් ජන්කුක්ගෙත් ජේජු ඉන්න අන්තිම සතියත් හරිම සතුටින් ගෙවිලා ගියා....

එදා එයාලා නැවතත් සෝල් බලා පිටවෙනවා....

එයාලාගෙ කොච්චිය උදේ වරුවේ තිබ්බ නිසා කලින් දවසේ දෙන්නාම එකිනෙකාට උදව් වෙමින් බඩු පැක් කර ගත්තා....

දෙන්නා එක්කම උදේ වරුවේ taxi එකක station එකට ගිහින් එතන තිබ්බ බංකුවක වාඩි වෙලා හිටියේ එයාලාගේ කොච්චිය එනකන්....

පැය භාගෙට පස්සේ සෝල් බලා පිටත් වෙන දුම්රියට ගොඩ උන ටේකුක් දෙන්නා එකම seat එකක වාඩි වෙන ගමන් එයාලාට ලස්සන මතක ගොඩක් එකතු කරන්න උදව් උන ජෙජු දූපතට සමු දෙන්න ලෑස්ති උනා....

පැය ගානක විතර ගමනින් සෝල් නැවතුම් පොලෙන් බැස්ස ටේ හුගාක් සතුටින් හිටියේ එයාට ආයෙ ජිමින්ව බලන්න පුලුවන් නිසා....එයාව පුදුම කරන්න ඕන නිසාමයි ටේ ජිමින්ට එයා ජේජු වලින් එන දිනයක් වත් කිව්වේ නැත්තේ....

එත් ජන්කුක්ගේ පැත්ත ඊට වඩා වෙනස් උනා....

ජේජු වලින් කොච්චියට නැග්ගත් එන්න එන්න සෝල් වලට ලං වෙද්දි එයාගෙ හදවත වේගෙන් ගැහෙන්න ගත්තේ බයට....

තමන්ගේ බෑග් එක අවුස්සපු ජන්කුක් එකේන් මාස්ක් දෙකක් වගේම කැප් දෙකක් ද අරන් එකක් ටේටත් දාලා අනික ජන්කුක්ද දා ගත්තා....

🐯: හියුන්ගී ඇයි මේ....

🐰: නිකන් රෝස මල...අපි ඉක්මනින් යමු......

ටේ කුතුහලයෙන් ජන්කුක් දිහා බලද්දි ජන්කුක් ටේගේ අතකිනුත් අල්ලන් ඉක්මනින් හම්බුන taxi එකක නැගලා කෙලින්ම ගියේ ටේ නැවතිලා ඉන්න apartment එකට....

ඒ මුලු වේලාවේම ජන්කුක්ගේ හැසිරිම අමුතු උනා...ටේව තද කරලා බදා ගත්ත ජන්කුක් ටේගෙ උරහිස උඩ ඔලුව තියාගෙනමයි හිටියේ....

ටේට ජන්කුක්ගේ මේ කලබලකාරි හැසිරිම තේරුනත් එයා කට වහගෙන ජන්කුක්ගේ ඔලුව අත ගාන්න පටන් ගත්තේ පස්සේ හරි හේතුව අහනවා කියලා හිතලා....

Apartment එක ලගින් බැස්ස ටේකුක් දෙන්නා taxi එකට සල්ලිත් ගෙවලා ඇතුලට ඇවිදගෙන ආවා...

ටේ දොරේ බෙල් එක නොගහා තමන්ගේ extra key එකෙන් දොර ඇරගෙන ඇතුලට යද්දි එතනම ගල් ගැහුනේ ඇතුලේ ඉන්න දෙන්නා හිටිය විදිහ දැකලා....

PSYCHO BUNNY (Completed ✅)Where stories live. Discover now