chapter 2

1K 179 43
                                    

At jeon company

Jk pov.

රෙවොන්වත් ස්කූල් එකට දාලා මන් කෙලින්ම ගියේ කම්පැනි එකට.

මගේ මැනික රෙවෝනුත් හරියට එයාගේ ඔම්මා වගේ. මාව ගොඩක් හොදට තේරුම් ගන්න පුලුවන්. ඒක නිසා වෙන්න ඇති මට කොච්චර එයත් එක්ක ඉන්න බැරි උනත් එයා මට හේට් නොකරන්නේ.

රෙවොන්ගේ ඔම්මා යූජින් රෙවෝන්ට අවු. 2ක් වෙනකොට බ්ලඩ් කැන්සර් එකක් නිසා අපිව දාලා ගියේ මගේ චූටි මැනිකවයි මාවයි මේ ලෝකේ සදහටම තනි කරලා.

රෙවෝන් කවදාවත් මගෙන් එයාගේ ඔම්මා ගැන අහන්නේ නෑ මොකද එයා දන්නවා යූජින්ව මතක් කරන හැම පාරකම වගේ මන් ගොඩක් දුක් වෙනවා කියලා.

ඒ උනාට මන් දන්නවා රෙවෝන්ටත් ගොඩක් එයාගේ ඔම්මව මතක් වෙනවා කියලා. ඒත් එයා ඒක එලියට පෙන්නන්නේ නෑ එයාගේ ඔම්මා වගේම මගේ රෙවෝනුත් ගොඩක් ශක්තිමත් කෙනෙක්.

මන් දන්නවා රෙවෝන් එලියට නොපෙන්නුවට දැන් ඉන්නේ ගොඩක් දුකෙන් කියලා ඒත් මට කරන්න වෙන දෙයක් ඇත්තෙත් නෑ මේක ගොඩක් වැදගත් මීටින් එකක්. අනික මේක තියෙන්නේ නිකන්ම කම්පැනි එකක් එකක් එක්ක නෙවෙයි මගේ කම්පැනි එකත් එක්ක කරට කරට ඉන්න kim කම්පැනි එකත් එක්ක.

මට මේක කල් දාන්න පුලුවන් උනා නම් මන් අනිවාරෙන්ම එහෙම කරනවා. ඒත් කලින් පාරත් රෙවෝන් අසනීප වෙලා මීටින් එක කල් දැම්ම නිසා මේ පාර ඒක කොහොමත් කරන්න බෑ.

" මට සමාවෙන්න මැනික " මන් දහස් වාරයක් මගේ රෙවෝන් මැනිකගෙන් සමාව ඉල්ලුවා. මට කරන්න පුලුවන් එච්චරයි හිතින් හරි ඔයාගෙන් සමාව ඉල්ලන එක.

' දඩාස් '
.
.
.
.
.
.
.
.
.
මන් ඔහේ කල්පනා කර කර යනකොට එක පාර්ටම කවුරු හරි කෙනෙක් මගේ වාහනේ ඉස්සරහට පැන්නා. නෑ ඇත්තටම කිව්වොත් මන් කල්පනා ලෝකෙක හිර වෙලා හිටපු හින්දා මන් ඒ කෙනා පාර පනිනවා දැක්කේ නෑ.

මන් ඉක්මන්ට කාර් එකෙන් එලියට බැස්සේ කවුද හැප්පුනේ කියලා බලන්න.

" ඔ_ ඔයා හොදින්ද "
බිම වැටිලා හිටපු පිරිමි කෙනා ගාවට ගිහින් මන් එහෙම ඇහුවේ එයා එයාගේ  එක අතකින් අනික් අතේ වැලි පිහදානකොට.

FALL IN LOVE 💖Where stories live. Discover now